කැස්බෑව ඉන්ධන පිරවුම්හලේ මහා කලබලයක්... සිදුවූ දේ මෙන්න
කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස් දුරදිග යාමෙන් ඇතිවූ තත්වය පාලනය කිරීමෙන් පසු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය කියයි.
මෙම ගැටුම ඊයේ (16) රාත්‍රියේදී ඇති වූවද ඉන්ධන හලේ පොම්පකරුවන්ට හිමිකරුවන්ට සහ ගැටුමට සම්බන්ධ පිරිස තුවාල සිදු වුවත් කිසිදු අයෙක් එම අවස්ථාවේ ඉදිරිපත් වූයේ නැති බවද පොලීසිය සඳහන් කළේය.
ඩීසල් ඉවර වී ඇති බවට ඉන්ධනහල් හිමිකරු සිටි පිරිසට දැනුම් දීමත් සමඟම කෙමෙන් කෙමෙන් ඇතිවූ බහින් බස් වීම දුරදිග යාමෙන් අනතුරුව එහි සිටි පුද්ගලයකු හා හිමිකරු අතර ඇති වූ ගැටුම ට පැමිණ සිටි පාරිභෝගිකයන් මෙන්ම ඉන්ධන හලේ සේවකයන් ද මැදිහත් වීමෙන් ගැටුම වර්ධනය වී එකම ගාලගෝට්ටියක් වූ බව සිද්ධිය දුටුවෝ කියති.
ගැටුම හට ගැනීමත් සමගම ඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගණනාවක් පෝලිමේ රැඳී සිටී බොහෝ පිරිසක් සිය වාහන සහ අත දරා ගෙන සිටි කෑන් බූලි රැගෙන එම ස්ථානයෙන් පිටත් විය . ගැටුම සමථයකට පත්කිරීමට පොලීසියටද මැදිහත්වීමට සිදුවිය. සිද්ධිය සම්බන්ධව කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වයි .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |