මහත අයට කෙට්ටු වෙන්න ඇමරිකාවෙන් අලුත් පෙත්තක් - ආයේ දුක් වෙන්න දෙයක් නෑ
අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය මගින් ශරීරයේ බර අඩුකිරීම සඳහා මෙතෙක් භාවිත කරන ලද එන්නතක්, පෙත්තක් ලෙස වැඩිදියුණු කර ඇති අතර, එම නව ඖෂධය සඳහා අනුමැතිය ලබා දී ඇත.
මෙවැනි පෙත්තක් සඳහා අනුමැතිය ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර, එය බර අඩුකිරීමේ ඖෂධ ක්ෂේත්රයේ නව යුගයක ආරම්භයක් ලෙස Novo Nordisk සමාගම පවසයි. Novo Nordisk සමාගම වැඩිදුරටත් පවසන්නේ දිනකට වරක් ලබාගත හැකි මෙම පෙත්ත, එන්නත් ලබාගැනීමට වඩා පහසු විකල්පයක් වන අතර එන්නත මඟින් ලැබෙන ප්රතිඵලම මින් ලැබෙන බවයි.
මෙම නව ඖෂධය 2026 ජනවාරි මාසයේදී අමෙරිකානු වෙළෙඳපොළට නිකුත් කරන බව තොරතුරු වාර්තා වේ.