පහළොවේ සිසුවියගේ ගෙලට පිහියක් තබා දුෂණය කළ පියාගේ ගජ මිතුරා මාට්ටු
පහළොස් හැවිරිදි දැරියකගේ ගෙලට පිහියක් තබා ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පියාගේ මිතුරකු වන 50 හැවිරිදි පුද්ගලයකු තණමල්විල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු දැරියගේ පියා සමග මත් පානයට ඇබ්බැහිවී සිටි පුද්ගලයෙකි. එදින ඔවුන් එකට මත් පානය කර ඇති අතර පියා නිවසෙන් පිටව ගොස් සිටි අවස්ථාවේදී සැකකරු දැරියගේ ගෙලට පිහියක් තබා බියගන්වා නිවසේ වත්ත පහළට කැඳවාගෙන ගොස් අතවර කර ඇත.
දැරිය නිවසේ නොමැති බව දැනගත් පියා ඒ පිළිබඳව සොයා බලන විට දැරිය අසල ළඳු කැළෑවේ සිට පැමිණ ඇත.
ඇය විසින් සිද්ධිය පිළිබඳව මවට පැවසීමෙන් පසුව මව සහ දැරිය තණමල්විල පොලිසියට ගොස් පැමිණිලි කර තිබේ. අසල්වැසියකු වන සැකකරු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලට ඇතුළත්කර ඇති අතර තණමල්විල පොලිසිට පරීක්ෂණ පවත්වයි.
