තමන්ගේ දරුවව දුෂණය කල පාපතරයා වසර 20කට පසු හමුවේ

Report

මොණරාගල මැදිරිය ප්‍රදේශයේ දී තම දියණිය දූෂණයකර වසර විස්සක පමණ කාලයක් සැඟව සිටි පියෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අදාල සැකකරු සැඟව සිටින කාලය අතරතුර මේ සම්බන්ධ නඩුව මොණරාගල මහාධිකරණයේ විභාග වී ඇති අතර එම නඩුවේ තීන්දුව ලබා දෙමින් සැකකරුව වරදකරු බවට පත්කරමින් දඩුවම් නියම කිරීමට මොණරාගල මහ අධිකරණය කටයුතු කර ඇත.

මහාධිකරණය විසින් මෙම සැකකරු සියලු චෝදනාවලට වරදකරු කරමින් දඩුවම් නියමකර ඇති අතර එහිදී සැකකාර පියාට එරෙහිව බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඩුවමක්, රුපියල් පනස් දහසක දඩයක්, එම දඩය නොගෙවන්නේනම් තවත් බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඬුවමක් නියම කර ඇත.

පොඩි උන්ට ලිංගික අධ්‍යාපනේ දෙනවලු සමලිංගික ගැන කියලා දෙනවලු මොනවාද මේ

පොඩි උන්ට ලිංගික අධ්‍යාපනේ දෙනවලු සමලිංගික ගැන කියලා දෙනවලු මොනවාද මේ

පොලිසිය සඳහන් කළේ සැකකරු වසර විස්සක පමණ කාලයක් සැඟව සිටීම නිසා පොලිසිය සැකකරු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු මතුරට ප්‍රදේශයේ සැඟව සිටියේ දී අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු පනස් හයක පුද්ගලයෙක් වන අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු මොණරාගල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සුපිරි වැඩක් - අස්වැසුමට අමතරව වවුචර දෙන්නලු යන්නේ

සුපිරි වැඩක් - අස්වැසුමට අමතරව වවුචර දෙන්නලු යන්නේ