ගුරුවරියකට දිවි අහිමි කළ මාරක රිය අනතුර
By Kanchana
යාපනය - මහනුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව, කුඹුගොල්ලෑව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ගුරුවරියක් ජිවිතක්ෂයට පත්ව ඇත.
මැදවච්චිය, පූනෑව පොලිසිය පැවසුවේ මහනුවර සිට වවුනියාව දක්වා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් එම ගුරුවරිය ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.
එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ පූනෑව,ගල්කන්දේගම විද්‍යාලයේ සේවය කළ 56 හැවිරිදි වියේ පසු වූ ගුරුවරියකි.
පොලීසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බවයි .