දරුණු අනතුරක් - තරුණයෙක් මරුට

Report

සියඹලාණ්ඩුව - ඇතිමලේ ප්‍රධාන මාර්ගයේ 'එකේ කණුව' ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ සුඛෝපභෝගී ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් බරපතළ මාරක රිය අනතුරක් සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදියේ ගමන් කළ පැදිකරු සහ පසුපැදිකරු යන දෙදෙනාම බරපතළ තුවාල ලබා ඇති අතර, වහාම රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඉන් එක් අයෙකු මියගොස් ඇත.

ඇමරිකාව ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසු රන් මිල තවත් ඉහළට

ඇමරිකාව ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසු රන් මිල තවත් ඉහළට

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සියඹලාණ්ඩුව 'පහේ කණුව' ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.

අනතුර සිදුවූ ආකාරය සහ ඊට හේතුව සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

මාර්ග නීති කඩකරනවා දැක්කොත් මේ අංකයට වට්ස්ඇප් කරන්න

මාර්ග නීති කඩකරනවා දැක්කොත් මේ අංකයට වට්ස්ඇප් කරන්න