මාර්ග නීති කඩකරනවා දැක්කොත් මේ අංකයට වට්ස්ඇප් කරන්න

Report

මාර්ග නීති උල්ලංඝනය කරමින් අනීතික ලෙස රිය පැදවීම් සිදුකරන පුද්ගලයන් පිළිබඳ ජනතාවට පහසුවෙන් දැනුම් දීමට නව ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශ කරයි.

එම අනුව, විශේෂ WhatsApp දුරකථන අංකයක් හරහා එවැනි උල්ලංඝන සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට ජනතාවට අවස්ථාව සලසා තිබේ.

මාර්ග නීති කඩකරමින් අනාරක්ෂිත ලෙස රිය පදවන රියදුරන් හඳුනා ගැනීමට සහ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මෙය උපකාරී වන බව පොලීසිය සඳහන් කරයි.

ඇමරිකාව ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසු රන් මිල තවත් ඉහළට

ඇමරිකාව ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසු රන් මිල තවත් ඉහළට

පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එවැනි සිදුවීමක් දුටු විට සිදුවීම පැහැදිලිව දැක්වෙන කෙටි වීඩියෝ පටයක් සිදුවූ ස්ථානය සහ දිනය/වේලාව ඇතුළත් කරමින් WhatsApp පණිවුඩයක් යොමු කරන ලෙසයි.

මෙම වැඩපිළිවෙළ මගින් මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම, අනතුරු අවම කිරීම සහ නීතිවිරෝධී රිය පැදවීම් වැළැක්වීම අරමුණ බවද පොලීසිය වැඩිදුරටත් කියා සිටී. එමෙන්ම, ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් රහස්‍යභාවය රැකගැනීමටත්, නිවැරදි තොරතුරු පමණක් ලබාදීමටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික සීමා ක්‍රියාත්මකයි - ත්‍රස්තවාදයට මුදල් ගලායෑම අවහිරයි

ශ්‍රී ලංකාවේ නව ආර්ථික සීමා ක්‍රියාත්මකයි - ත්‍රස්තවාදයට මුදල් ගලායෑම අවහිරයි