ICC ක්‍රිකට් සාමාන්‍යාධිකාරීවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ක්‍රිකට් සාමාන්‍යාධිකාරීවරයා ලෙස වසර හතරකට ආසන්න කාලයක් සේවය කළ වසීම් ඛාන් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
2022 වසරේ මැයි මාසයේදී මෙම ධුරයේ වැඩකටයුතු භාරගත් ඔහු, ජාත්‍යන්තර ක්‍රිකට් පරිපාලනය තුළ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළ නිලධාරියෙකි.
හිටපු වමත් පිතිකරුවෙකු වන වසීම් ඛාන් වෝර්වික්ෂයර්, සසෙක්ස් සහ ඩර්බිෂයර් යන කණ්ඩායම් නියෝජනය කරමින් පළමු පෙළ තරග 58ක් සහ ලිස්ට් A තරග 30ක් ක්‍රීඩා කර ඇති අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි.
පසුගිය වසර දෙකක කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉහළ පෙළේ තනතුරු හෙබවූ නිලධාරීන් කිහිපදෙනෙකුම සිය ධුරවලින් ඉවත් වූ අතර, වසීම් ඛාන්ගේ ඉවත්වීම ද එම ප්‍රවණතාවයේම කොටසක් ලෙස වාර්තා වේ.