ෆේස්බුක් සාදයක් වටලයි – 76ක් පොලිස් දැලේ!

By Shehan Mar 23, 2025 06:21 AM GMT
Report

සීදූව පොලිස් වසමට අයත් කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙක් ඊයේ (22) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18ත් 25ත් අතර කොළඹ ආසන්න ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියන් ය. මෙම සාදයේදී සහභාගී වූවන් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා භාවිතා කරමින් සිටි බව පොලිසිය පවසයි.

රනිල්ගේ උපන්දිනේට චීන තානාපති දුන් රාත්‍රී භෝජන සංග්‍රහය!

රනිල්ගේ උපන්දිනේට චීන තානාපති දුන් රාත්‍රී භෝජන සංග්‍රහය!

සැකකරුවන් සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා සහ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ සිගරට් තොගයක් පොලිසිය විසින් භාරයට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සීදූව පොලිසිය මගින් සිදු කෙරේ.