එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත් - වන්දියත් අහිමි වේ (VIDEO)

compensation express pearl ship fire oil leak Marian environment
By Sithumi Jul 24, 2021 09:55 AM GMT
Sithumi

Sithumi

Report

ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත් පවතින බවට වාර්තා වනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පරීක්ෂණ පවත්වා තිබුණ ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹීමට නොහැකි වී ඇත්තේ නෞකාව පවතින මුහුදු ප්‍රදේශයේ මේ දිනවල දක්නට ලැබෙන අයහපත් කාලගුණ තත්ත්වයයි.

එමෙන්ම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරට මුහුදු පද්ධතිය ඇතුළු පරිසරයට සිදුවූ හානිය වෙනුවෙන් අදාළ නැව් සමාගමෙන් සහ එහි රක්ෂණ සමාගමෙන් ඉල්ලා තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 40 යෙන් මිලියන 18ක් මෙරටට ලැබීම අහිමි වී ඇති බව ද සඳහන්.

ඊට හේතු වී ඇත්තේ වියදම් ඇස්තමේන්තු කිරීම්වලදී සිදුවූ අත්වැරදීමක් බවයි වාර්තා වන්නේ. එලෙස අදාළ නෞකා සමාගමෙන් සහ රක්ෂණ සමාගමෙන් එම වන්දි මුදල ගෙවීමට නියමිතව තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද වියදම් ප්‍රතිපූර්ණය කර ගැනීම සඳහා පමණයි.

කෙසේ වෙතත්, ඉදිරියේදී සිදුකිරීමට නියමිත වියදම් සම්බන්ධයෙන් ද ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම හේතුවෙන් එම නැව් සමාගම සහ රක්ෂණ සමාගම මෙලෙස ඩොලර් මිලියන 18ක් මෙරටට ලබාදීම කපා හැර දමා තිබෙනවා.

එලෙස මෙරටට අහිමි වූ මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 3600ක් පමණ වනවා. මේ වන විට මෙරටට ලැබී ඇත්තේ ඩොලර් මිලියන 03ක් පමණයි.

ලැබිය යුතු අනෙකුත් ඩොලර් මිලියන 19කට ආසන්න මුදල මෙතෙක් මෙරටට ලැබී නැත්තේ ඉදිරිපත් කළ ලියකියවිලිවල ගැටළුවක් හේතුවෙන් බව ද සදහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now