ගිනිගත් නෞකාවේ ඉන්ධන නැතැයි අනුමාන කෙරේ

express pearl petroleum marine environment Dharshani Lahadhapura
By Sewvandhi Jun 15, 2021 01:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ටැංකිවල පැවති ඉන්ධන මේ වනවිට එම ටැංකිවල නොමැති බවට ලිඛිතව ලැබුණු වාර්තා අනුව සඳහන් වෙන බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ ආධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.

ඇය පෙන්වා දෙන්නේ නෞකාව ගලවා ගැනීමේ සමාගමේ කපිතාන්වරයා සහ අන්තර්ජාතික තෙල් විසිරීම් පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ලිඛිත වාර්තා ඒ බව අනුමාන කර ඇති බවය.

"මේ නෞකාවේ ඉන්ධන මෙට්‍රික්ටොන් 300ක් තිබුණා. අපි දිනපතාම මේ නෞකාව ආසන්නයේ ජල සාම්පල අරගෙන ඉන්ධන මුසුවෙලා ද කියලා අපි පරීක්ෂා කරනවා. නමුත් මේ වනකම් එහෙම දෙයක් දැනගන්නට ලැබිලා නෑ. නෞකාව ගලවා ගැනීමේ සමාගමේ කපිතාන්වරයා සහ ශ්‍රී ලංකාවට පැමිණි අන්තර්ජාතික තෙල් විසිරීම් පිළිබඳ විශේෂඥ කණ්ඩායම ඔවුන්ගේ ලිඛිත නිරීක්ෂණවල සඳහන් කරලා තියෙන්නේ බොහෝවිට මෙම ගින්න පැවති ආකාරයත් පැවැති දින ගණනත් එක්ක සහ උෂ්ණත්වය අනුව නෞකාවේ ඉන්ධන අඩංගු විය නොහැකි බවට."

කොළඹ වරායට නුදුරු මුහුදේදී පසුගිය දා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරට සමූද්‍රීය පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වුණි. නැව ගිනිගැනීමේ සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ සිටි මසුන් රැසක් මියයෑමේ සිද්ධි ද වරින් වර වාර්තා වෙමින් ඇත.

ධීවර දැල්වල පුළුන් වැනි යමක් තැන්පත් වී තිබූ අතර ධීවරයින් චෝදනා කළේ මසුන් ද හසු නොවන බවටය. මේ අනුව එම මිය ගිය සතුන්ගේ සිරුරුවල අභ්‍යන්තර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා අද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now