හදිසියේම දරුණු පිපිරීමක් - පුද්ගලයින් 60 කට අධික පිරිසක් මිය ගොස් හෝ තුවාල ලබයි (VIDEO)

Explosiom
By Sithumi Oct 08, 2021 12:51 PM GMT
Sithumi

Sithumi

Report

ෂියා මුස්ලිම් බැතිමතුන් ඉලක්ක කර ගනිමින් උතුරු ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් 60 කට වැඩි පිරිසක් මිය ගොස් හෝ තුවාල  ලබා තිබේ.

සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ මෙම පිපිරීම සිදුව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමෙන් අනතුරුව සිදුවූ දරුණුතම ප්‍රහාරය බවට විශ්වාස කෙරෙනවා. මෙම පිපිරීමෙන් තවත් විශෘල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පිපිරීමේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ. කෙසේවෙතත් ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීනව ප්‍රහාරවලට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමක් මෙම පිපිරීම සිදුකරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.



GalleryGallery