EPF බැර කළ විගස SMS පණිවුඩයක්..බොරු කරල හමාරයි
Sri Lanka
Nimal siripalade Silva
Etf
Private server
By Aruna
පෞද්ගලික අංශයේ සේවක, සේවිකාවන් වෙනුවෙන් අදාළ රැකියා ආයතනය ඔවුනට හිමි මාසික අර්ථසාධක අරමුදල් බැර කළ විගස ඒ බව දන්වමින් මාසිකව SMS පණිවුඩයක් මගින් සේවකයා දැනුවත් කිරීමට අදාළව ගෙන ආ නීති සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත කෙරුණා.
අදාළ සංශෝධනය කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මේ අතර කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ නැවතත් ඉතිහාසයේ ඉහළම අගය සලකුණු කළා.
එය ඊයේ 9671ක් ලෙස සටහන් වූයේ බදාදා අත්කර ගත් 9626.45ක වාර්තාව අභිබවමින්.
ඊට පෙර සමස්ත දර්ශකය පසුගිය සඳුදා ප්‍රථමවරට 9500 සීමාව ඉක්මූවා.
ප්‍රධාන පෙළේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකය ද ඊයේ 3616.95ක් දක්වා ඉහළ ගියා.
කොටස් වෙළඳපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 3.9ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |