රතු පරිප්පු සහ සුදු සීනි ගෙන්නවන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Sri lanka
By Sithumi Jul 06, 2021 11:16 AM GMT
Sithumi

Sithumi

Report

රතු පරිප්පු සහ සුදු සීනි ලංකා සතොස සහ සමූපකාරවල මැදිහත්වීම මත ආනයනය කර අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

දේශීය වෙළෙඳපොළ තුළ රතු පරිප්පු හා සීනි ඉහළ මිල ගණන්වලට අදාළ භාණ්ඩ අලෙවිකරන බැවින් ඊට පිළියමක් ලෙස හා කොවිඩ් වසංගත තත්වය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මත සමූපකාර ව්‍යාපාරය හරහා මෙලෙස ඉන්දියාවෙන් සහ ඕස්ටේ්‍රලියාවෙන් පරිප්පු තොග ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (6) වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now