පල්ලියකට දරුණු ප්‍රහාරයක් - පූජනීය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් [PHOTOS]
එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් හි මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව එම ප්‍රාන්තය පුරා පූජනීය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ප්‍රාන්තය පුරා අතිරේක මුර සංචාර සිදුකිරීමට එරට හමුදාව යොදවා ඇති බව සඳහන්.
මේ අතර එංගලන්ත වෙලාවෙන් ඊයේ (4) දින රාත්‍රී 9.30ට පමණ සසෙක්හි පිහිටි මුස්ලිම් පල්ලියකට කිසියම් පිරිසක් ගිනි තැබීමක් සිදුකර ඇත.
එහිදී කිසිවෙකුට තුවාල සිදු නොවූවත්, ගොඩනැගිල්ලේ ඉදිරිපස දොරටුවට සහ පිටත නවතා තිබූ වාහනයකට හානි සිදුව ඇති බව වාර්තා වුණා.
එබැවින් අඳාළ ගිනිතැබීම වෛරී අපරාධයක් වශයෙන් සලකා විමර්ශනය කරන බව සසෙක්ස් පොලිසිය ප්‍රකාශ කරයි.
එසේම දැනටමත් එම ප්‍රහාරයට පැමිණි බවට සැක කෙරෙන දෙදෙනෙකුගේ ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන බලධාරීන් දක්වන්නේ මෙම ගිනිතැබීම, ජීවිත අනතුරේ හෙළීමේ අරමුණින් සිදු කරන ලද්දක් බවයි. එබැවින් වගකිවයුත්තන් හඳුනා ගැනීමට පරීක්ෂණ රැසක් සිදුකරන බව ද ඔවුන් ප්‍රකාශ කරයි.
මේ අතර නම සඳහන් කිරීමට අකමැති වූ පල්ලියේ ස්වේච්ඡා සේවකයෙකු බීබීසී ප්රවෘත්ති සේවයට දෙදෙනෙකු ඉදිරිපස දොරෙන් ඇතුළු වීමට උත්සාහ කළ ද එය අගුළු දමා තිබූ බව සඳහන් කර ඇත.
අනතුරුව ඔවුන් දොරටුවට සහ පිටත නවතා තිබූ මෝටර් රථයක් අසල දියරයක් වත් කර, එය ගිනි තැබූ බවත් පැවසුවා.
එමෙන්ම මේ වනවිට සති කිහිපයක සිට ජාතිවාදී කණ්ඩායම් දකුණු සසෙක්ස් වෙරළ තීරය පුරා කළු ජාතිකයින්ට සහ ආසියානුවන්ට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් අරඹා ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් කොඩි, ස්ටිකර් සහ ජාතිවාදී වැකි ඉදිරිපත් කරමින් වෛරය සහ බිය ගැන්වීමේ වාතාවරණයක් ඇති කරමින් සිටින බවයි.

