රැකියා ස්ථීරත්වය ගැන ඇමතිගෙන් සහතිකයක්..!
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල මඟින් කිසිදු සේවකයෙකුගේ රැකියා අහිමිවීමක් සිදුනොකරන බවයි.
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේ දිනවල මානව සම්පත් විගණනයක් සිදුවන බවයි එතුමා පෙන්වාදෙන්නේ.
කංචන විජේසේකර අමාත්‍යවරයා පවසන්නේ,එම විගණනයෙන් අනතුරුව ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කිරීම සහ ස්ථානගත කිරීම සිදුකරන බවයි.
විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවයට අන්තර්ග්‍රහණයවීමට වසර 07ක සිට බලාපොරොත්තුවෙන් සිටින තාවකාලික පදනමින් සේවය කරන පිරිසේ නියෝජිතයින් හමුවෙමින් ඉදිරියේ දී ලබාදෙන දීමනා මෙන්ම උසස්වීම් කාර්ය සාධනය මත පමණත් සිදුකිරීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
විවිධ වෘත්තීය සමිති විසින් තම දේශපාලන අවශ්‍යතා මත නිර්මාණය කර ඇති අදහස් හේතුවෙන් මෙම ස්ථිර නොවන සේවකයින් තුළ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ගැන අනවබෝධයක් නිර්මාණය වී ඇති බව කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පවසයි.
