අකුණු සැර වැදීමෙන් අලි රංචුවක් ම මිය යයි

india lightning elephants death kandholi himantha bisva
By Sewvandhi May 14, 2021 04:49 AM GMT
Report

ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නාගෝන්වල වල් අලි 18 දෙනෙකුගේ රංචුවක් මියගොස් තිබේ. කන්දෝලි ආරක්ෂිත වන රක්ෂිතයට අකුණු සැර වැදීමෙන් අලි මිය ගොස් ඇති බව රාජ්‍ය නිලධාරීහු පවසති. වනාන්තරයේ සිටින සතුන්ගේ මළකඳන් සොයාගත් ගම්වාසීන් බලධාරීන් දැනුවත් කළහ.

අසාම් මහ ඇමති හිමාන්ත බිස්වා ශර්මා කියා සිටියේ මෙතරම් විශාල අලි සංඛ්‍යාවක් මියයාම පිළිබඳව තමා සැලකිලිමත් වන බවත්, ඒ සඳහා පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති බවත්ය.

ඉන්දියාවේ ආසියානු අලි ඇතුන් 27,000 කට වඩා සිටින අතර ඉන් 21% ක් පමණ ඇසෑම්හි සිටිති. වසර 20 කට පසු ඇසෑම් හි අලි ඇතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති පළමු අවස්ථාව මෙයයි.

නාගෝන් හි කැතියතෝලි කඳු වැටියේ “දැවැන්ත ගිගුරුම් සහිත වැසි” හේතුවෙන් අලි ඇතුන් මිය යාමෙන් තමා දැඩි සේ වේදනාවට පත්ව ඇති බව රජයේ වන සංරක්ෂණ අමාත්‍ය පරිමල් සුක්ලබයිඩියා ට්වීට් කළේය. වනජීවී නිලධාරීන් සිකුරාදා අලුයම එම ස්ථානයට පැමිණෙන බව ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now