විදුලි බිල 40% කින් අඩු කිරීමක් ගැන ප්‍රකාශයක්..ඉන්ධන මිලත් 100 - 150 අතරට ගේන්න යයි!!.

Fuel Price In Sri Lanka Champika Ranawaka Ceylon Electricity Board Fuel Price In World
By Aruna Aug 23, 2024 07:35 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම වංචාව වන වීසා වංචාව මගින් රටේ දේශ සීමා ඉන්දියාවේ පෙට්ටි කඩයකට විකුණා දැමුවේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් බවත්, ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකලා ඒ සම්බන්ධයෙන් කතා නොකරන බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මොරටුවේ පැවැති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම පිණිස පැවැති ජන හමුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා,

“සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන්නේ එදා 2019 දී පැවැත්වුණා වගේ සාමාන්‍ය ජනාධිපතිවරණයක් නෙවෙයි.

මේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ බංකොලොත් රටක. 1815 මාර්තු 02 වෙනිදා අපට නිදහස අහිමි වෙලා ස්වෛරීභාවය අහිමි වුණා.

වගේ 2022 අප්‍රේල් 12 වෙනිදා අපට ස්වෛරීභාවය අහිමි වෙලා අපේ අනාගතය තීරණය කිරීම අපේ ණය හිමියන්ට බාර කරපු රටකයි අපි ජනාධිපතිවරණය පවත්වන්නේ.

ඒ වගේම 2019 ජනාධිපතිවරණය පැවැත්වුණේ ආණ්ඩුවේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්මයා හැටියට විපක්ෂයේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ හැටියට.

භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි..නව මිල ගණන් මෙන්න.

භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි..නව මිල ගණන් මෙන්න.


නමුත් මෙවර ආණ්ඩුවේ අපේක්ෂකයා පළවෙනි තරඟකරුවන් දෙන්නා අතරේ නැහැ. අද තරගය සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් අතර.

ඒක අපි අමතක කරන්න හොඳ නෑ. මේ රට අද මේ ලබාගෙන තියෙන්නෙ තාවකාලික තත්ත්වයක්. අද 2022 තිබුණු මහා පරිමාණ තෙල් පෝලිම් නෑ.

විදුලි කප්පාදුව නෑ. බෙහෙත් තියෙනවා, පොහොර තියෙනවා කියලා, අපට කියනවා. නමුත් මතක තියා ගන්න, එදා අපේ රජය යටතේ 2015 එදා අපි තෙල් මිල බැස්සුවා, පෙට්‍රල් මිල රු. 154 ඉඳන් රු. 117 ට මතකයි නේද?

ඩීසල් මිල බැස්සුවා. 134 ඉඳන් රු. 95 ට මතකයි නේද? විදුලි බිල බැස්සුවා රු. 16.20 ඉඳන් රු.15 ට විදුලි ඒකකය. එහෙමත් කරලා ඒ ආයතන ලාභ කරලා ඒ ශක්තිය අපි ජනතාවට ලබා දුන්නා.

නමුත් අද විදුලි ඒකකය තුන් ගුණයකින් වැඩි කරලා තෙල් මිල තුන් ගුණයකින් වැඩි කරලා බෙහෙත් මිල හතර පස් ගුණයකින් වැඩි කරලා පොහොර මිල හත් අට ගුණයකින් වැඩි කරලා තමයි මේ කියන ස්ථාවරත්වය කියන එක අරන් තියෙන්නේ.

කොටින් ම කිව්වොත් ණය ගෙවීම 2028 න් ඔබ්බට අවු. 18 කට කල් දමලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ස්ථාවරත්වය කියන එක අරන් තියෙන්නේ.

ඒ නිසා එළඹෙන ආණ්ඩු මතක තබා ගත යුතුයි නැවත නැවතත් රට බංකොලොත් වෙන්න ඉඩ තියෙනවා. තවදුරටත් මේ රට විප්ලවීය අත්හදා බැලීම් කරන්න ගියොත් රට නැවත නැවතත් බංකොලොත් වෙලා.

ප්‍රධාන ජනපති අපේක්ෂකයින්ගෙන් දිලිත් ජයවීර එකට එයි..අනුර,සජිත්,රනිල් සහ නාමල්ට හිමිවූ තැන මෙන්න..

ප්‍රධාන ජනපති අපේක්ෂකයින්ගෙන් දිලිත් ජයවීර එකට එයි..අනුර,සජිත්,රනිල් සහ නාමල්ට හිමිවූ තැන මෙන්න..


රටේ ජනතාව ඉතුරු ටිකටත් මුහුදට පනින්න වෙන තත්ත්වයක් උදා වෙන්න නියමිතයි. ඒක වලක්වගන්න නම් පළපුරුදු පිරිසක්, කළමනාකාරිත්වය සහිත පිරිසක් රට බාර අර ගෙන රට ඉදිරියට ගෙනියන්න වැඩ කටයුතු කළ යුතුයි. එදා මේ මොරටුව පුරවරයට අපි මහඟු සේවයක් කළා.

අපේ සජිත් දුමින්ද පීරිස් මැතිතුමා ඒ නගර සභාවේ මන්ත්‍රී සේනක දමයන්ත මහත්තයලා ඇතුළු ඒ නාගරික මන්ත්‍රීතුමාලා.

කටුබැද්ද පාරේ ඇවිදින මංතීරු හැදුවා, පාරවල් කාපට් කළා අපේ එරාන් වික්‍රමරත්න මහත්තයා කිව්වා වගේ මොරටුවෙත් අපි අර හෝමාගම හැදුවා වගේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඇති කරලා දුම්රියයි බස් එකයි එකට එකතු කරන්න අපි කටයුතු කරන්න ගියේ.

ඒ වගේම මිනිස්සුන්ට යන්න පුළුවන් වැදගත් බස් සේවයක් මොරටුවේ ඉඳන් අර බස් මංතීරු ක්‍රමය ඔස්සේ පිටකොටුවට යන්න අපි සැලසුම් කරලා තිබුණේ.

සැහැල්ලු දුම්රිය සේවයක් මොරටුවෙන් කටුබැද්දට ඇවිල්ලා, කටුබැද්දෙන්, ගිහිල්ලා, පිලියන්දලින් කිරුලපනට යන්න අපි සකස් කරලා තිබුණේ.

මේ පැල්පත්වාසී ජනතාවට, සදහටම ඒ පැල්පත් ටික ඉවත් කරලා, බැටරි වත්තේ නවීන නිවාස යෝජනා ක්‍රමයක් ගොඩනගන්න අපි සියලු කටයුතු සූදානම් කරලා තිබ්බේ.

හැබැයි මේ මොරටු පුරවරයට, දෙහිවල පුරවරයට වීරයෙක් ඕන වුණා. මාධ්‍ය විසින් ගෙනගිය, කූට නාටකයකට අහුවෙලා, ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා, ඒ සියල්ල නැති මේ අවුරුදු පහට එක ගඩොලක සංවර්ධනයක් මේ කලාපයේ කළේ නැතුව විතරක් නෙවෙයි, ලක්ෂ දෙසිය විස්සක් මිනිස්සුන්ව අන්ත අසරණ තත්ත්වයට, අන්ත බංකොලොත්භාවයට පත් කරලයි තියෙන්නේ.

රට පුරා ඉන්ධන ලබාගන්න අයට විශේෂ පණිවුඩයක්.!!

රට පුරා ඉන්ධන ලබාගන්න අයට විශේෂ පණිවුඩයක්.!!


ඒ නිසා සමගි ජන සන්ධානයෙන්, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ළඟ දි එනවා. ඒකේ පළවෙනි දේ තමයි මොකක්ද? මේ රටට මේ ආර්ථික විපත්තිය, ආර්ථික ඝාතනය කරපු පිරිස්.

අධිකරණය ඉදිරියට තෙල් පෝලිම් හදපු අය, කපපු අය, මුදල් අමාත්‍යාංශය කාබාසිනියා කරපු අය, සල්ලි අච්චු ගහලා රට හිඟමනට දාපු අය, ධනපතියන්ට බදු සහන දීලා, රට අතරමං කරපු අයට නීත්‍යානුකූලව දඬුවම් ලබාදීමට අපි කටයුතු කරනවයි කියන එක, මේ අයට දඬුවම් දෙන්න ඔබ හැමටත් අද්විතීය අවස්ථාවක්, ලබන 21 වෙනිදා එනවා.

අද මේ රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කරන ලද මහින්ද, ගෝඨාභය, බැසිල් රාජපක්ෂගේ අපේක්ෂකයා හැටියට නාමල් රාජපක්ෂ ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙම නම් ඔබට තියෙනවා රත්තරන් අවස්ථාවක්.

පොහොට්ටුවට 2019 දී අපි කියපු ඒවා අහන්නැතුව ඡන්දේ දීලා තමන්ගේ ජීවිත, තමන්ගේ දරුවන්ගේ ජීවිත අනාථ කරගත්ත හැමදෙනාටම තියෙනවා අද්විතීය අවස්ථාවක්.

ඒක තමයි නාමල් පුතා බින්දුවට බස්සලා මහින්ද මහත්තයට ලබන සැප්තැම්බර් විසිදෙවැනිදා ඉඳන් මහින්දට බින්දුවයි, මහින්දට බින්දුවයි, මහින්දට බින්දුවයි කියලා කියන්න පුළුවන් රටක් හදලා දෙන්න කියලා අපි ඉල්ලනවා.

තවත් සමහරු තරු පොකුරු හදාගෙන රට රවට්ටලා හෙළ ගොවිතැන කියලා ගොවියා පාරට දාලා, හෙළ වෙදකම කියලා, කොවිඩ් එකෙන් ධම්මික පැණිය පොවලා, තිස්දාහකට මරණ කැඳවලා, ඒ විතරක් නෙවෙයි, තෙල් පෝලිම් හදලා මිනිස්සු, තෙල් පෝලිම්වල, මැරෙන්න සකස් කරලා, අද මේ සියල්ල බැසිල් රාජපක්ෂට පවරලා, අලුත් දේශපාලනය කරගෙන යන්න කට්ටියක් උත්සාහ කරනවා.

අන්න ඒ කට්ටිය තමයි අපිව රැවැට්ටුවේ. කූට නාටක ගෙනල්ලා මේ රටේ ජනතාව. ගෝඨාභය කියන්නේ ලී ක්වාන් යූ ගෝඨාභය කියන්නේ මහතීර් මොහොමඩ්.

සැප්තැම්බර් 02 සිට රට පුරා කරන්න යන විශේෂ දේ ගැන දැනුම්දීමක්..

සැප්තැම්බර් 02 සිට රට පුරා කරන්න යන විශේෂ දේ ගැන දැනුම්දීමක්..


ගෝඨාභය කියන්නේ දුටුගැමුණු. ගෝඨාභය කියන්නේ ධර්මපාල කියලා රට රවට්ටපු කල්ලියත් ඇවිල්ලා ඉන්නවා. අන්න ඒ කල්ලියත් දේශපාලන වශයෙන් මේ වසල ජාතිකවාදයෝ රැලක්.

දේශපාලන වශයෙන් අතුගාලා දාන්න අවස්ථාව ඔබට ලැබෙනවා මේ ඒ අවස්ථාවත් පාවිච්චි කරන්න කියලා අපි ඔබ හැමගෙන්ම ඉල්ලා සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඉරණම, එතුමාගේ පොහොට්ටු පක්ෂයේ ඉරණම ඉතාම පැහැදිලියි.

ඔවුන්ට තව දුරටත් එක අඟලක්වත් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ අද වෙස් මූණක් දාගෙන තියෙනවා. ජාතික ජන බලවේගය නමින්. අපි කියන්න ඕනේ එතුමන්ලා කතා කරනවා .

පළමුවෙන්ම හොරු ඇල්ලිල්ල ගැන. හොරු ඇල්ලිල්ල ගැන ෆයිල් මිටි තියාගෙන කතා කරනවා. අපේ ආණ්ඩුව 2015 යහපාලනය ආපුවහම හොරු අල්ලන වගකීම රනිල් වික්‍රමසිංහ බාරදුන්නේ ගරු අනුර කුමාර දිසානායකට. එහි ප්‍රධානියා හැටියට හිටපු ආනන්ද විජයපාලව පත් කළේ ගරු අනුර කුමාර දිසානායක.

එක්කහු කරගත්තේ ෆයිල් මිටිය විතරයි. දඩුවම් දෙන්න බැරි උනා. අවස්ථාව නැති උනා. ඒකට අපේ ආණ්ඩුවේ හිටපු අයත් රාජපක්ෂලා එක්ක දාගෙන ඒ අයට අවස්ථාව මගහරින්න උදව් කරපු බවත් කියන්න ඕනේ.

දැන් පහුගිය ටිකේ කවුද මේ රටේ හොරු ඇල්ලුවේ? මේ රටේ සෞඛ්‍ය සේවය, ඉමොග්ලොබින් ගනුදෙනුව ගැන කවුද හඬ නැගුවේ?

ඒ ගැන හඬ නැගුවේ? අපේ කාවින්ද ජයවර්ධනයි, අර වෛද්‍ය චමල් සංජීවයි, ඒ වගේම ස්වේච්ඡා ක්‍රියාකාරිකයන්, තමයි, ඔවුන් සටන් කරලා තමයි, අද කෙහෙළිය මහත්තයා ඇතුළු ඒ වංචනිකයින් හිරේ ඉන්නේ.

අනුර දිසානායකලා හිරේ යවපු, අනුර දිසානායක නඩු දාපු කවුරුවත් ඉන්නවද? නෑ. මේ රටේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච ලොකුම මහජන මුදල් වංචාව තමයි වීඑෆ් එස් වංචාව.

මේ රටේ දේශ සීමා, ඉන්දියාවේ පෙට්ටි කඩේකට අයි වී එස් කියලා විකුණලා දැම්මා. මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්. හැබැයි අනුර දිසානායක නෑ වචනයක්වත් ඔහු ගැන.

ඔබ අද ඉතාමත් ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරන්න..විවාහ වෙන්න ඉන්න අයට මල් 07 යි..

ඔබ අද ඉතාමත් ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරන්න..විවාහ වෙන්න ඉන්න අයට මල් 07 යි..


මේ ගැන අර පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් කලින් කිව්වා මේගොල්ලෝ දෙන්නගේ ඩීල් එක ගැන. එක වචනයක්වත් නෑ. ඒ දූෂණය නැවැත්තුවේ මමයි, රවුෆ් හකීමුයි, සුමන්දිරනුයි, උසාවියට ගිහිල්ලා, අද මෙතන ඉන්න හර්ෂ ද සිල්වා මහත්තයා, අපි මුදල් කාරක සභාවේ, එතුමා සභාපති හැටියට අපි අරගලයක් කරලා තමයි, ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා, ඒක නවත්තලා තියෙන්නේ.

එහෙනම් අපි අතේ තියාගෙන නිකන් ඉඳලා නෑ. අපි ඒ මත ක්‍රියා කරලා, මේ රටේ දූෂණයයි, වංචාවයි, නතර කරලා තියෙනවා. අද වෘත්තීයවේදීන් එකතු කරගෙන, මේ රටේ විදුලි බල ශක්තිය ගැන කතා පවත්වනවා.

බලශක්ති විප්ලවයක් ගැන කතා කරනවා. හැබැයි මට මතකයි. ඉහල කොත්මලේ ජලාශය හදන්න අපි ගිය වෙලාවේ, ඒ වගේම බලාගාර හදන්න අපි දරපු හැම උත්සාහයකදිම, පෙළපාලි, පෙරහැරවල්, උද්ඝෝෂණ, උපවාස කරලා ඒවා නැවැත්තුවේ අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු.

අද මතක තියාගන්න, ඒ ටික අද විසිහතර පැයම දෙන්න පුළුවන්. ශක්තියක් හදන්න, විශාල බාධාවක් කළා. මේ රටේ කසල ප්‍රශ්න විසඳන්න අපි කෙරවලපිටියේ කසලවලින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් ගෙනියනකොට ඒකට විරුද්ධත්වය පළ කළා.

තාක්ෂණ නගරයක් ගැන, අද තාක්ෂණ විප්ලවයක් ගැන, සම්මන්ත්‍රණ තියෙනවා කොළඹ ලොකු හෝටල්වල. මේ රටේ දරුවෝ විසිදාහකට තාක්ෂණයෙන් අගතැන්පත් හෝමාගම හැදුවා තාක්ෂණ නගරයක්.

ඒකට විරුද්ධව පෙළපාලි ගියේ අනුර කුමාර දිසානායක මහත්තයලාගේ කට්ටිය. එහෙමනම්, අපිට පේනවා විරෝධතාවයයි, වැඩ වර්ජනයයි, හරහා තමයි මේ රට මේ තැනට පත්වුණේ කියන එක අපි කියන්න ඕනේ.

අපේ කරූ ජයසූරිය ගරු කථානායකතුමාගේ කාර්යාලයේ තියෙනවා පිළිරුවක් සුදු පාට. මම එතුමා හම්බුවෙච්ච වෙලාවේ ඇහුවා මොකක්ද කථානායකතුමනි මේ පිළිරුව?

ඉන්දීය කොන්ඩම් නිෂ්පාදන සමාගමක් ලංකාවේ කරපු වැඩක් ලීක් වෙයි..

ඉන්දීය කොන්ඩම් නිෂ්පාදන සමාගමක් ලංකාවේ කරපු වැඩක් ලීක් වෙයි..


එතුමා කටුනායක ඇඟලුම් කම්හලක ප්‍රධානියා හැටියට හිටියා මයිකල් ආන්ජලෝ කියලා. ඒ ඇඟලුම් කම්හලේ එතුමා ප්‍රධානියා හැටියට වැඩ කරගෙන යන කොට අපේ අනුර කුමාර දිසානායක, වසන්ත සමරසිංහලා පටන් ගත්තා වැඩ වර්ජනයක්.

ඒ වැඩ වර්ජනයේ ප්‍රතිඵලයක් හැටියට, සිය ගාණකට රැකියා අහිමි කරලා, ඒ ආයෝජකයා රටින් ගියා. ඒ අවස්ථාව සිහිකරන්න. කරු ජයසූරිය මහත්තයා අල පිළිරුව ගෙනල්ලා, කාර්යාලයේ තියන් ඉන්නවා. අද ආයෝජන ගේන්න හඳුන්නෙත්තිලා කතා කරනවා.

අනුර දිසානායකලා කතා කරනවා, රටේ ආයෝජකයෝ පලවා හැරලා. මේ රට මෙතනින් ඉදිරියට ගෙනියන්න නම්, රටේ ආර්ථික වර්ධනයක් ගේන්න ඕනේ. ඒ වගේම මේ රැකගන්න ඕනේ, අපි මේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය.

අපි මේ රටේ පාරවල් හැදීම ගැන, ගුවන් තොටුපළවල් හැදීම ගැන, වරායවල් හැදීම ගැන, බලාගාර හැදීම ගැන සෑහෙන්න කතා කළා. මින් ඉදිරියට මේ රටේ යටිතල පහසුකමේ ඊළඟ පිම්ම ගන්න ඕනේ. ඩිජිටල් යටිතල පහසුකම.

ඒ ඩිජිටල් යටිතල පහසුකම යටතේ අපට පුළුවන් වෙනවා මේ රටේ සියලුම ආදායම් එකතු කිරීමේ යාන්ත්‍රණයන්වල අපේ ආදායම මොනම ආකාරයකටවත් බදු වැඩි කරන්නේ නැතුව බදු දැලෙන් පලවා හැරලා ඉන්න පිරිස් වල එකමුතුවෙන් ඔවුන් එකතු කර ගැනීමෙන් රටේ ජාතික ආදායම දෙගුණයක් කරන්න.

ඒ විතරක් නෙවෙයි විදුලි බිල අද තියෙන්නේ අසීමාන්තිකව ඉහලට නංවලා ඔබ හැමකෙනෙක්ම රු. 15,000 ක් වැඩිපුර මේ ආණ්ඩුව අරන් තියෙනවා පහුගිය මාස පහේ.

අපි සටන් කරලා තමයි විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට මම ගිහිල්ලා තමයි අර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය මාර්තු මාසේ, පසුගිය ජූලි මාසේ 4% යි ආණ්ඩුව අඩු කරන්න ගියේ.

අද සිට රට පුරා කාලගුණයේ සිදුවන වෙනස විශේෂ වෙනස් වීම මෙන්න.. .

අද සිට රට පුරා කාලගුණයේ සිදුවන වෙනස විශේෂ වෙනස් වීම මෙන්න.. .


අද 22.5% කින් විදුලි බිල අඩු කරලා තියෙන්නේ. මම වගකීමෙන් කියනවා ලංකා විදුලිබල මණ්ඩලය මේ අයුතු ලාභය ඉවත් කරානම් 40% කින් විදුලි බිල අඩු කරන්න ක්‍රමවේදයක් අපිට තියෙනවා.

ඔබට මතකයි ආහාර වලින් විශාල කොල්ලයක් කරගෙන යනවා. අපි දැක්කා ලොකු ළූණු වලින් කරපු කොල්ලය. සියලුම ආහාර ද්‍රව්‍ය ලංකාවට ගේන්නේ කීයටද? විකුණන්නේ කීයටද?

කියලා ඉලෙක්ට්‍රොනික වේදිකාවකට ගන්න අපි කටයුතු කරනවා. රාජ්‍ය සේවය පිළිසකර කරන්න සියලුම රාජ්‍ය ආයතනවල සියලුම දෙනාට නගරාධිපතිලා, ප්‍රාදේශීය ලේකම්ලා, අමාත්‍යාංශ ලේකම්ලා, ඇමතිලාට කාර්ය සාධන ඉලක්ක දීලා, ප්‍රගතිය සමාලෝචනය කරලා ඔවුන්ගේ ලකුණු මට්ටම් රටට දැන ගන්න පුළුවන් විදිහේ විවෘත රාජ්‍ය පාලනයක් ගෙනියන්න අපි ඉදිරියේ ක්‍රියා කරනවා.

ඒ නිසා මතක තියාගන්න මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් මේ තියෙන ආයතනයක් දෙකක් විකුණලා කීයක් හරි කැටේට පුරවගෙන කීයක් හරි ඒකෙන් සාක්කුවට දාගෙන නෙවෙයි.

මේ රාජ්‍ය ආයතන කරපු අය හැටියට අපි බොහොම වගකීමෙන් කියනවා. මේ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව, ඵලදායිතාව වැඩි කරලා ඒ රාජ්‍ය ආයතන විද්‍යාත්මක කළමනාකරණයකට යටත් කරලා මේ වේදිකාව මතට මේ සියල්ල අරගෙන ඔබේ උප්පැන්න සහතිකේ, ඔබේ මරණ සහතිකය වෙන්න පුළුවන්, ඔබගේ ඥාතීන්ගේ, ඔබේ ඔබගේ ඉඩම් ඔප්පුව වෙන්න පුළුවන්, ලයිසන් එක වෙන්න පුළුවන්, මේ සියලු තොරතුරු ඔබගේ ගෙන එන වැඩපිළිවෙලක්, වැඩසටහනක් අපි ගෙනියනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තුව අඩු කරයි..අලුත් මිල ගණන් ලැයිස්තුව මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තුව අඩු කරයි..අලුත් මිල ගණන් ලැයිස්තුව මෙන්න.


රියදුරු ලයිසම අරගෙන යනකොට අද දඩ කොලේ ලියන්න ඕන නෑ. කිව් ආර් කේතෙන් ඔබේ දඩය ලියලා, ඔබට යන්න පුළුවන් රටක් අපි ගොඩනගන්නයි යන්නේ.

ඒක කරන්න බෑ නූගත්, ඒ රටේ විප්ලවකාරී ක්‍රියාවලින් මේ රටට ඩොලර් බිලියන දෙසීයක් අහිමි කරපු කණ්ඩායමකට ඒක කරන්න බෑ. මේ රට මංකොල්ලකෑම තමන්ගේ ආත්මය කරගත් පිරිසකට.

ඒ නිසා අපි ඉල්ලා හිටිනවා මේ ගමන යාම සඳහා අපි විධිමත් ජනවරමක් සජිත් ප්‍රේමදාස මහත්තයට ලබන සැප්තැම්බර් 21 ලබාදීලා මේ රට මෙතනින් ඔබ්බට සාමාන්‍ය මහජනයාට සහනයක් ලැබෙන නව රටක් ඇති කරන්නට පෙරමුණ ගන්න කියලා.”

ලෙෂාන් විදානගමාච්චි

මාධ්‍ය ලේකම්

ReeCha