භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි..නව මිල ගණන් මෙන්න.

By Aruna Aug 23, 2024 05:27 AM GMT
Report

ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙන බව වාර්තා වනවා.

මේ අනුව, ආනයනික ග්‍රෑම් 425ක මාළු ටින් එකක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර, එහි නව මිල සටහන් වන්නේ රුපියල් 500ක් ලෙසයි.

ප්‍රධාන ජනපති අපේක්ෂකයින්ගෙන් දිලිත් ජයවීර එකට එයි..අනුර,සජිත්,රනිල් සහ නාමල්ට හිමිවූ තැන මෙන්න..

ප්‍රධාන ජනපති අපේක්ෂකයින්ගෙන් දිලිත් ජයවීර එකට එයි..අනුර,සජිත්,රනිල් සහ නාමල්ට හිමිවූ තැන මෙන්න..


එමෙන්ම, දේශීය ග්‍රෑම් 425 මාළු ටින් එකක මිලද රුපියල් 450ක් දක්වා සහ ග්‍රෑම් 155ක මාළු ටින් එකක මිල රුපියල් 270ක් දක්වා මිල අඩුකර තිබෙන බවයි පැවසෙන්නේ.

තවද, මුං ඇට කිලෝවක මිල රුපියල් 890ක් දක්වාත්, ආනයනික රතු ළුෑණු කිලෝවක මිල රුපියල් 470ක් දක්වාත්, මිල පහත දැමීමට කටයුතු කර ඇත.

සුදු සීනි සහ වියළි මිරිස් කිලෝවක මිලද රුපියල් 5කින් මිල පහත දමා තිබේ.

රට පුරා ඉන්ධන ලබාගන්න අයට විශේෂ පණිවුඩයක්.!!

රට පුරා ඉන්ධන ලබාගන්න අයට විශේෂ පණිවුඩයක්.!!


එමෙන්ම, හාල් මැස්සන් කිලෝවක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 925ක්.

ලංකා සතොස ආයතනය පියවර ගෙන ඇත්තේ, දේශීය සම්බා කිලෝවක මිල රුපියල් 226ක් දක්වා සහ කඩල කිලෝවක මිල රුපියල් 439ක් දක්වාත් මිල පහත දැමීමටයි.