සියලු පක්ෂ වලට විශේෂ කැඳවීමක්..!

By Sewvandhi Jan 22, 2023 09:11 AM GMT
Report

පළාත් පලාන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින්ට මැතිවරණ කොමිෂන් සභාව කැඳවීමක් සිදුකර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ලබන අඟහරුවාදා දිනයේ අදාළ කැඳවීම සිදුකර ඇති බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙය යි.

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කිරීමට නියමිතව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now