අභිරහස් ඊජිප්තු නිර්මාණ කෘතිමව හදන කර්මාන්තශාලාවක්(PHOTOS) (VIDEO)

Egypt ancient treasures pyramid tutan Greek
By Sewvandhi Jun 15, 2021 10:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊජිප්තුව කියන්නේ හැමදාම පුදුම හිතෙන දේවල් කරන රටක්. ලෝකේ පුදුම දේවල් වලින් එකක් වෙන ඊජිත්තු පිරමීඩ ඔවුන්ගේම නිර්මාණයක්. වෙනස්ම වාස්තු විද්‍යාවක් එක්ක වෙනස්ම විදිහේ නිර්මාණ කලාවක් ඔවුන්ට පිහිටලා තියෙනවා. පිරමීඩ කතා ගැන අහන්න අපි ගොඩක් කැමතියි නේ. අපි දන්නවා පිරමීඩ ඇතුලෙ තියෙන පාරාවෝ රජවරුන්ගේ රූප රැජිනියන්ගේ රූප පිළිම විදිහට විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේ පුදුම හිතෙන දේවල් කරපු ඊජිප්තුවරුන්ගේ අලුත්ම වැඩේ ගැන තමයි මේ කියන්න යන්නේ.

අභිරහස් ඊජිප්තු නිර්මාණ කෘතිමව හදන කර්මාන්තශාලාවක්(PHOTOS) (VIDEO) | Egypt Ancient Treasures

ඊජිප්තුවේ අලුතෙන් කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවා. ඒ මේ ටූටන්කාමන් වරුන්ගේ අනුරූප නිපදවන්න. නිර්මාණකරුවන්, මූර්ති ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, කම්කරුවෝ දුසිම් ගානක් එකතු වෙලා පුරාණ ඊජිත්තු කෞතුක වස්තු වල අනුරූප නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තියෙනවා.

අභිරහස් ඊජිප්තු නිර්මාණ කෘතිමව හදන කර්මාන්තශාලාවක්(PHOTOS) (VIDEO) | Egypt Ancient Treasures

සමාගම පවසන විදිහට ඔවුන් විසින් ඊජිප්තු පුරාණ වස්තු විතරක් නෙමෙයි කොප්ටික් ඉස්ලාමීය සහ ග්‍රීක රෝමානු පුරාවස්තු නිෂ්පාදනය කරනවා. මේ කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් නිලධාරියෙක් වෙන මොහොමඩ් නොයිදා පවසන්නේ නිෂ්පාදනය රඳාපවතින්නේ කලාත්මක හා ඓතිහාසික වටිනාකම වගේම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඒ නිර්මාණයට තියෙන ජනප්‍රියතාවය මත කියලයි.

අභිරහස් ඊජිප්තු නිර්මාණ කෘතිමව හදන කර්මාන්තශාලාවක්(PHOTOS) (VIDEO) | Egypt Ancient Treasures

ඊජිප්තුවේ කයිරෝ අගනුවර ට උතුරු පැත්තෙන් තමයි මේ කර්මාන්ත ශාලාව පිහිටලා තියෙන්නේ. වර්ග මීටර් 10,000 ක භූමි ප්‍රමාණයක පිහිටලා තියෙන මේ කර්මාන්ත ශාලාව ඇතුළේ මූර්ති සැලසුම් කිරීම, නිර්මාණය කිරීම, මුද්‍රණය කිරීම, වර්ණ ගැන්වීම වගේ විවිධ කටයුතු සිද්ධ වෙනවා.ප්‍රධාන අනුරුවට ඉතාමත් සමාන විදිහට ආකෘතියක් නිපදවන්නත් එහි හැඩය ආරක්ෂා කර ගනිමින් මුල් නිර්මාණය හදපු පාරාවෝනික්ගේ නිර්මාණශීලීත්වයට ළඟාවීමටයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.

අභිරහස් ඊජිප්තු නිර්මාණ කෘතිමව හදන කර්මාන්තශාලාවක්(PHOTOS) (VIDEO) | Egypt Ancient Treasures

මේ නිර්මාණ අතර පුරාණ ඊජිත්තු රැජිනක් වන නෙෆර්ටිටි රැජිනගේ දුසිම් ගණනක් සිතුවම් සහ මූර්ති කොටස් දැකගන්න ලැබෙනවා.මුලින්ම කරන්නේ මේ මූර්තියේ ප්‍රතිමාවක් නිර්මාණය කරන එක. ඊට පස්සේ මේකේ පිටපත් පිටපත් සැකසීමට වාස්තු අංශයටත් අවසානයේ වර්ණ ගැන්වීම සඳහාත් යොමු කරනවා.

අභිරහස් ඊජිප්තු නිර්මාණ කෘතිමව හදන කර්මාන්තශාලාවක්(PHOTOS) (VIDEO) | Egypt Ancient Treasures

මේ කර්මාන්තශාලාව බලන්න බොහෝ කලාකරුවන් වගේම සංචාරයකයිනුත් මේ වෙද්දි පැමිණෙනවා. ඔවුන් මේ කරපු නිර්මාණ වලින් පලවෙනි ඊජිප්තු ශිෂ්ටාචාර ජාතික කෞතුකාගාරය විවෘත කරලා අවසන්. ඒ වගේම ඉතාම ඉක්මනින් සංචාරක ස්ථාන වලටත් වෙළඳසැල් වලටත් වෙළඳසැල් වලටත් මේ නිර්මාණය යවන්න ඔවුන් සූදානම්.

මේ සමාරම්භක උළෙලේ දී මේ සම්බන්ධ ඇමැතිවරයා ප්‍රකාශ කළේ මේක වාණිජ ව්‍යාපෘතියක් වගේම ඊජිප්තු කර්මාන්තයේ මුළු ලෝකයට ම හඳුන්වා දෙන්නත් ඊජිප්තු ශිෂ්ටාචාරය සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමටත් තමන් බලාපොරොත්තු වෙන බවයි.

අභිරහස් ඊජිප්තු නිර්මාණ කෘතිමව හදන කර්මාන්තශාලාවක්(PHOTOS) (VIDEO) | Egypt Ancient Treasures

කොහොම වුණත් මේ අපූරු නිර්මාණයන් ඊජිප්තුවේ අතීත කතාව මුළු ලෝකයටම ගෙනහැර දක්වාවි යැයි බලාපොරොත්තු වෙනවා. රටක අනන්‍යතාවය ඉතාමත් වැදගත්. ඔවුන්ගේ සංස්කෘතිය ඉතාමත් සුන්දර වගේම කලාකාමී විදිහට ඉදිරිපත් කිරීම සම්බන්ධව මේ ගැන උනන්දු වන්නන් බොහොම ප්‍රශංසාත්මක මුඛයෙන් අනාගතයේදී කතා කරාවි. දවසක අපිටත් ටූටන්කාමන් වරුන්ගේ ප්‍රතිමාවක් ළඟ තියාගන්න අවස්ථාවකුත් ලැබේවි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now