බිත්තර ව්‍යාපාරිකයන්ටත් බලපෑම්

egg petroleum gas prize sarath rathnayake
By Sewvandhi Jun 18, 2021 03:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බිත්තර නිෂ්පාදකයින් ද දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ කිකිළියන්ට ලබාදෙන සත්ව ආහාර කිලෝවක මිල රුපියලකින් වැඩි කිරීම නිසා එය තම නිෂ්පාදනවලට සැළකිය යුතු අන්දමකින් බලපා ඇති බවයි.

මේ අතර, සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දමන ලෙස ආනයනකරුවන් විසින් ඉල්ලීම් කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළා.

එසේම කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඊයේ ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබුණේ කිරිපිටි මිල ද ඉහළ දමන ලෙසටයි.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් රුපියල් 350 කින්ද, ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 140 කින්ද ඉහළ දමන ලෙස කිරිපිටි ආනයනකරුවන් ඉල්ලා තිබෙනවා. මේ අතර, වෙළදපොළේ එළවළු සහ සහල් මිලද ඉහළ ගොස් තිබෙනවා.

ගෑස් සමාගම් ද මිල ඉහළ දැමීමක් අපේක්ෂාවෙන් පසුවන අතර, ජනතාව දිගින් දිගටම ප්‍රකාශ කර සිටින්නේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති තමන්ට මෙලෙස භාණ්ඩ මිල මෙන්ම ඉන්ධන මිල ද ඉහළ යාම ගැටළුකාරී තත්ත්වයක් වී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now