ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට පහසු ජයක්

By Mithu Sep 24, 2025 04:56 PM GMT
Report

සංචාරක ඔස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් විය. තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (24) පැවැත්විණි.

මෙම ජයත් සමග තරග 5ක් යුත් තරගාවලිය තරග 3-0ක් ලෙස පෙරමුණ ගෙන තවත් තරග 2ක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. පන්දුවාර 16කට සීමා වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 100ක් රැස්කිරීමට සමත් විය. එහිදී එමිලි පවෙල් ලකුණු 32ක් හා සුසී ෆින් ලකුණු 31ක් රැස්කළහ.

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසෙනි තලගුණේ ලකුණු 25කට කඩුලු 2ක් හා ලිමන්සා තිලකරත්න ලකුණු 20කට කඩුලු 2ක් දවාගත්හ. ලකුණු 101ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකාරිනියෝ තරගයේ 15.1කදී කඩුලු 4ක් දැවී තිබියදී ලකුණු 101ක් රැස්කර ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය. එහිදී සංජනා කවිදි (36) හා විමෝක්ෂා බාලසූරිය (25) පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වූහ. ලිල්ලි හැමිල්ටන් ලකුණු 16කට කඩුලු 2ක් දවාගත්තද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි.

රජයේ නිලධාරීන් කොටසකට පත්වීම් යන්න වෙන්නෙ දුෂ්කර පළාත් දෙකකට

රජයේ නිලධාරීන් කොටසකට පත්වීම් යන්න වෙන්නෙ දුෂ්කර පළාත් දෙකකට