නේපාලයෙන් අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස කටුනායකට රැගෙන එයි

Report

නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස රැගෙන ආ ගුවන් යානය අද (15) හවස 6.55 විසිපහට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබේ.

අපගේ 'ගගන' ගුවන් තොටුපළ වාර්තාකරුගේ තොරතුරු අනුව, මඳ වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතින අතරතුර මෙම ගුවන් යානය මෙරටට ළඟා වූ බව සඳහන් වේ.

යූ.එල්. 182 ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් මෙම යානය නේපාලයේ කත්මන්ඩු නගරයේ සිට මෙරටට පැමිණ ඇත.

කොයි වෙලේ හරි පොලිසියෙන් හොයන් එයි කියලා ඉෂාරා ගහපු මාස්ටර් ප්ලෑන් එක - ඩමියක් හදලා වීසත් අරන්

කොයි වෙලේ හරි පොලිසියෙන් හොයන් එයි කියලා ඉෂාරා ගහපු මාස්ටර් ප්ලෑන් එක - ඩමියක් හදලා වීසත් අරන්

ශ්‍රී ලංකා පොලිසිය මෙහෙයවූ මෙම විශේෂ මෙහෙයුමෙන් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් හයදෙනෙකු මෙරටට රැගෙන එන ලදී.

සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීවගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු මෙරට පාතාල කණ්ඩායම් සමඟ සම්බන්ධ පුද්ගලයන් හයදෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

වීරසිංහ පිනිපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි, ජීවදාසන් කනකරාසා, තක්ෂි නන්දකුමාර, දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා කළුදාර, කෙනඩි බස්තියම්පිල්ලෙයි හෙවත් ජේ.කේ. බායි සහ වික්‍රම ආරච්චිගේ දිනේෂ් නිශාන්ත කුමාර යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ගනේමුල්ල සංජීවගේ ඝාතනය සිදුව තිබුණේ කොළඹ අලුත්කඩේ අංක 6 උසාවිය තුළ පසුගිය පෙබරවාරි 20 වැනිදාය. ඝාතනයෙන් පසු ප්‍රධාන සැකකාරිය වන සෙව්වන්දි මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලාගොස් ඇති අතර, එමඟට රුපියල් මිලියන 6.5ක් පමණ වියදම් කර ඇති බවට වාර්තා වේ.

සෙව්වන්දි මාසයක කාලයක් නේපාලයේ භක්තපූර් ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන සිට ඇත්තේ, තමා ඉන්දියාවේ බෙංගලූරු නගරයේ පුරවැසියකු බවට නිවස් හිමියාට ව්‍යාජ තොරතුරු සපයමිනි.

මනූෂ නානායක්කාරට ඇප

මනූෂ නානායක්කාරට ඇප

ටිරාන් අලස්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

ටිරාන් අලස්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්