ආණ්ඩුව හැමදාම රෑට හීනෙන් දකින්නේත් මාව - නාමල් රාජපක්ෂ
වත්මන් ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.
විදුලි බිල වැඩි නොකිරීම ගැන සතුටු වන බවත්, එහෙත් මෙරටට විදුලිබල අර්බුදයක් පැමිණියහොත් ඊට වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවත්, විදුලිය සඳහා ආයෝජකයෙකු පැමිණි සෑම අවස්ථාවකම ඔවුන් හරවා යැවූයේද ජනතා විමුක්ති පෙරමුණ බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව සිහිනෙන් දකින්නේද තමන්ව බවත්, ආණ්ඩුවට ජනතාවගේ සිහින සැබෑ කිරීමේ අවශ්‍යතාවක් නොමැති අතර, ජනතාවගේ සිහින මැරී යන අතර ආණ්ඩුව තමන්ව සිහිනෙන් දකින බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මෙරට සංවිධානාත්මක අපරාධ පිටුපස සිටින්නේ කවුද යන්නත්, ඔවුන්ට සහාය දෙන්නේ කවුද යන්නත් රට දැන ගත යුතු බවත්, මෙම සියලු කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් අවධාරණය කළේය.