ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී.
ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ ගොස් එමගින් පෘථිවියේ වේලාව වෙනස් කරන බව වාර්තා වෙයි.
මේ අනුව තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්ත්පරය බැගින් අඩු වන බවයි, විද්‍යාඥයින් දැනටමත් පුරෝකථනය කරන්නේ.
ඔවුන්ගේ මතය වන්නේ, එය තත්ත්පරයක සුළු කාලයක් පමණක් වුවත් පරිගණක භාවිතයේදී වැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි.