වයස අවුරුදු 34 යි…74 වන වියේ පසුවන කාන්තාවක් දුෂණය කරලා.

By Wasantha Jul 21, 2021 03:17 AM GMT
Wasantha

Wasantha

Report

තිස් හතර වන වියේ පසුවන අවිවාහක පුද්ගලයෙකු විසින් 74 වන වියේ පසුවන කාන්තාවක් දුෂණය කිරීමේ සිද්ධියක් ඌරුබොක්ක ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

දරුවන් නව දෙනෙකුගේ මවක් වන මෙම කාන්තාව සිය දරුවන් විවාහ වී සිටීම නිසා නිවසේ තනිවම ජීවත්වෙමින් සිටි තැනැත්තියකි. දිනක් රාත්‍රී නිවසේ විදුලි බුබුළු නිවා දමා මෙම  කාන්තාව සුපුරුදු පරිදි නින්දට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී නිවසේ වහලය මත නැගී මෙම පුද්ගලයා එහි උළු  කැට කිහිපයක් ඉවත්  කර නිවස තුලට ඇතුළු වී තිබෙනවා.

ඉන් පසුව නිවසේ විදුලි බුබුළු දැල්වූ එම පුද්ගලයා කාමරයේ නිදාසිටි කාන්තාවගේ කටේ රෙදි කැබැල්ලක් ඔබා ඇය දුෂණය කර ඇතැයි පරීක්ෂණ වලින් හෙළිවී තිබෙනවා.

මෙම සිද්ධිය අදාළ කාන්තාව විසින් කිසිවෙකුටත් ප්‍රකාශ කර නැහැ. එහෙත් සිය දියණිය නිවසට පැමිණි අවස්ථාවේදී එම කාන්තාවගේ කටේ තිබු තුවාල පිළිබඳව විමසා තිබෙනවා.

එම අවස්ථාවේදී කාන්තාව විසින් තමන්ට සිදුවූ අකරතැබ්බය පිළිබඳව ප්‍රකාශ කර ඇත. ඉන් අනතුරුව කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන  තිබෙනවා.

මෙම සැකකරු දුෂණයට ලක්වූ බව කියන කාන්තාවගේ ඥාති මුණුබුරෙකු බවත් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා. 

ReeCha