දකුණු මුහුදෙන් හම්බවුණු මත්කුඩු දෙහිබාලේගේද ? ඇත්ත එළියට
දකුණු මුහුදෙන් හමුවූ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ නමැත්තා මෙරටට එවා ඇතැයි සැකකරන බව ආරක්ෂක අංශ සදහන් කර තිබේ.
පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව නාවික හමුදාව සිදුකළ එම මෙහෙයුමේදී ධීවරයන් 11 දෙනෙකු සිය භාරයට ගැනීමට නාවික හමුදාවට හැකිව ඇත.
මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් හා සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
තවදුරටත් එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත.
තවද එහි සිටි තවත් සැකකරුවන් හය දෙනෙකු සහ සැටලයිට් දුරකථන දෙකක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ .
එහි මත්ද්‍රව්‍ය කිලෝ 70ක් පමණ තිබූ බව වාර්තා වේ. ඒ වගේම සැකකරුවන් හෙට (25) ගොඩබිමට රැගෙන ඒමට නියමිතව තිබේ.
පොලිසිය සදහන් කළේ අදාළ මත්ද්‍රව්‍යවල හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට සැකකරන බවයි.