තත්ත්වය දරුණු වේ රෝගීන් 50000ක ප්‍රමාණයක් - රෝගය පාලනයට Drone තාක්ෂණයත් යොදා ගනියි
රට තුළ වර්තමානයේ උද්ගත වී ඇති දරුණු ඩෙංගු අධිවසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව, කොළඹ මහනගර සභාව සහ ක්ලීන් ශ්‍රී ලංකා මහලේකම් කාර්යාලය ඒකාබද්ධව අද දින විශේෂ ඩෙංගු පරීක්‍ෂණ කටයුතු සිදු කිරීම සඳහා සාමාන්‍ය පරිදි මිනිසුන්ට ළඟාවිය නොහැකි අධි අවදානම් සහිත ස්ථාන ඉතාමත් සූක්ෂ්ම ලෙස පරීක්ෂා කිරීමට නවීන ඩ්‍රෝන තාක්ෂණය සෘජුවම යොදා ගැනීමේ විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ඒ අනුව කොළඹ නගර සීමාව තුළ පිහිටි උස් ගොඩනැගිලි, වසා දමා ඇති කර්මාන්තශාලා සහ මිනිස් ශ්‍රමයෙන් ළඟාවිය නොහැකි අනෙකුත් සියලුම රහසිගත ස්ථානවල අන්තරායකර ඩෙංගු මදුරු කීටයන් බෝ වී ඇතිදැයි ඩ්‍රෝන කැමරා ආධාරයෙන් ගුවනින් පරීක්ෂා කිරීමේ සහ දත්ත රැස්කිරීමේ කටයුතු කොළඹ නගර ප්‍රදේශය පුරා ඉතාමත් සාර්ථක ලෙස සිදුකෙරුණා.
මෙම සුවිශේෂී තාක්ෂණික මෙහෙයුම් අවස්ථාව සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයේ උසස් නිලධාරීන්, කොළඹ මහනගර සභාවේ ප්‍රධාන නිලධාරීන් මෙන්ම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සක්‍රීයව එක්ව සිටියහ.