මහා සභාවේදී අදානිගේ සැලසුම් හෙළිදරව් වෙයි - දැවැන්ත අනාගත ව්‍යාපෘතියක්

Report

අදානි සමූහයේ වාර්ෂික සාමාන්‍ය රැස්වීම (AGM) 2026දී සභාපති ගෞතම් අදානි විසින් රැස්වි එහි අනාගත ව්‍යාපාරික සැලසුම් සහ ආයෝජන වැඩපිළිවෙළ පිළිබඳව වැදගත් ප්‍රකාශ රැසක් සිදු කර තිබේ.

ඔහු සඳහන් කළේ ඉදිරි වසරවලදී ඉන්දියාවේ යටිතල පහසුකම්, බලශක්ති, ප්‍රවාහන සහ නව තාක්ෂණ ක්ෂේත්‍රයන්හි විශාල ආයෝජන කිරීමට අදානි සමූහය සැලසුම් කර ඇති බවයි. විශේෂයෙන් හරිත බලශක්ති ව්‍යාපෘති සඳහා වැඩි අවධානයක් යොමු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

සමූහය ඉදිරි වසර 5 තුළ වාර්ෂිකව ඇමෙරිකා ඩොලර් බිලියන 15–20 අතර ප්‍රාග්ධන වියදම් සිදු කිරීමට අපේක්ෂා කරන බවද AGMහිදී අනාවරණය විය. මෙම ආයෝජන ඉන්දියාවේ ආර්ථික වර්ධනය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැදගත් වනු ඇතැයි සභාපතිවරයා පැවසීය.

අදානි සමූහය පසුගිය කාලයේදී ආදායම් සහ ලාභ අංශවල වර්ධනයක් වාර්තා කර ඇති අතර, ණය-EBITDA අනුපාතයද සෞඛ්‍යමත් මට්ටමක පවතින බව AGMහිදී සඳහන් කර තිබේ.

ඊට අමතරව ගුවන් තොටුපළ, වරාය සහ ප්‍රවාහන ව්‍යාපාර තවදුරටත් පුළුල් කිරීම, ඩ්‍රෝන සහ ආරක්ෂක තාක්ෂණ ව්‍යාපෘති, නගර සංවර්ධන වැඩසටහන් සහ නව හරිත බලශක්ති ව්‍යාපෘති සඳහාද නව ආයෝජන ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අදානි සමූහය මෙවැනි දැවැන්ත ආයෝජන හරහා ඉදිරියේදී ඉන්දියාවේ ප්‍රමුඛ යටිතල පහසුකම් සහ බලශක්ති සමාගමක් ලෙස තවදුරටත් ව්‍යාප්ත වීමට අපේක්ෂා කරයි.