සියලුම රියදුරු බලපත්‍ර අලුත් වෙයි..නව ක්‍රමවේදය මෙන්න..

Sri Lanka Army Sri Lanka Driving Licence Department of Motor Vehicles
By Aruna Nov 01, 2023 09:18 AM GMT
Aruna

Aruna

Report

දැනට පවතින අර්ධ සන්නායක චිප් වෙනුවට QR කේත සහිත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) දියත් කර ඇති බව වාර්තා වනවා.

මාධ්‍ය වාර්තාවලට අනුව, DMT කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ, ඩිජිටල් හෝ ස්මාර්ට් රියදුරු බලපත්‍ර හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ඔක්තෝම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව ආරම්භ කළ බවයි.

වැඩිදුර තොරතුරු සපයමින් වීරසිංහ මහතා පැවසුවේ, ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සහ නිකුත් කිරීම නැවත DMT වෙත භාරදීමෙන් අනතුරුව ඔක්තෝබර් 16 වන දින මුද්‍රණ ක්‍රියාවලිය ආරම්භ කළ බවයි.

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස චිප් කියවීම් ඒකක ආනයනය කිරීමේදී ඇති වූ දුෂ්කරතා හේතුවෙන් අර්ධ සන්නායක චිප් වෙනුවට QR කේතයක් ඇතුළත් කිරීමට තීරණය කර ඇත.

QR කේත සඳහා වෙනම ජංගම යෙදුමක් හඳුන්වා දී ඇති අතර එය DMT කාර්යාලය සහ පොලිස් දෙපාර්තමේන්තුව විසින් පමණක් ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.

රථවාහන වැරදි සඳහා වැරදි ලකුණු ක්‍රමය ද ස්මාර්ට් රියදුරු බලපත්‍රයට ඇතුළත් කර ඇති බව වීරසිංහ මහතා පැවසීය.

ReeCha