ඩොලරයට වෙච්ච දැයක් - පහළටම
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අද (25) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 304.06ක් ලෙසත් විකුණුම් මිල රු. 311.58ක් ලෙසත් සඳහන් වී තිබේ.
මෙය ඊයේ (24) දින ගැනුම් මිල රු. 304.10කට වඩා සුළුවෙන් පහළ ගොස් ඇති අතර, ශ්‍රී ලංකා රුපියලේ ඩොලර් එකකට සාපේක්ෂව තවදුරටත් වැඩිදියුණුවක් දැක්වීමකි.
මෙම අනුපාතික වෙනස මුදල් වෙළඳපොළේ ස්ථාවරත්වය සහ රුපියලේ ඉහළ යෑමේ ප්‍රවණතාවය පිළිබිඹු කරන බව මූල්‍ය විශ්ලේෂකයන් පවසති. ඩොලර් එකක ගැනුම් මිල පහළ යාම මගින් ආනයනිකරණයන්ට සහ විදේශ වෙළඳාමට යහපත් බවක් ඇති වනු ඇත.
ලංකා බැංකුව - රු. 304.25 - රු. 311.25
මහජන බැංකුව - රු. 304.31 - රු. 311.02
කොමර්ෂල් බැංකුව - රු. 302.50 - රු. 311.00
සම්පත් බැංකුව - රු. 304.50 - රු. 311.00
අමානා බැංකුව - රු. 305.90 - රු. 309.90