අද මේ පළාතේ සියලුම රෝහල්වල වෛද්‍ය වර්ජනයක්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මඟින් අද (13) නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වෛද්‍ය වර්ජනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට, පරිපලාන සහ මුදල් විෂාමාචාර චෝදනා ඇති හේතුවෙන් ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙසත් එම තනතුර සඳහා වෙනත් අධ්‍යක්ෂකවරයෙකු පත් කරන ලෙසත් ඉල්ලමින්.
එසේම නැගෙනහිර පළාතේ, මහා රෝහල් 02ක, ශික්ෂණ රෝහලක, මුලික රෝහල් 17ක, ප්‍රාදේශීය රෝහල් 52ක සහ ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන 113ක මෙම වර්ජනය ක්‍රියාත්මක වන බව සඳහන්.
කෙසේ වුවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභික, අම්පාර දිස්ත්‍රික්කයේ සංවිධායක වෛද්‍ය ජනිත් පේදුරුආරච්චි මහතා කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කය, මඩකලපුව දිස්ත්‍රික්කය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සියලුම රොහල්වල වෛද්‍යවරුන් මෙම වැඩවර්ජනය සඳහා සහභාගී වන බවයි.