දහම් පාසල් ගුරුවරයා දරුවා බයිසිකලේ නංවාගෙන වැව් ඉවුරට ගෙන ගිහින් කළ නින්දිත වැඩ..

Report

2015 වර්ෂයේදී බාල වයස්කාර පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ දහම් පාසල් ගුරුවරයෙකුට මොනරාගල මහාධිකරණය විසින් වසර 24ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇත.

මොනරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලින්ද හේවාවසම් මහතා විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකරු චෝදනා දෙකකට වරදකරු කරමින්ය.

මෙලෙස දඬුවම් ලැබූයේ ඇතිමලේ 70 හංදිය ප්‍රදේශයේ පදිංචි ඌරුමුත්තගමගේ චන්දන (47) නැමති දහම් පාසල් ගුරුවරයෙකි.

නඩු විස්තර අනුව, 2015 වර්ෂයේදී සැකකරු විසින් එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක පිරිමි දරුවෙකු බයිසිකලයකින් වැව් ප්‍රදේශයකට රැගෙන ගොස් කැලෑ ප්‍රදේශයකදී අතවර සිදුකර ඇති බවට අධිකරණයේදී තහවුරු වී ඇත.

රුපියල් කෝටි 10,000 ක දැවැන්ත සහනයක් - ජනපතිගෙන් මැයි රැළි පොරොන්දුව

රුපියල් කෝටි 10,000 ක දැවැන්ත සහනයක් - ජනපතිගෙන් මැයි රැළි පොරොන්දුව

විනිසුරුවරයා එක් එක් චෝදනාව සඳහා වසර 12 බැගින් වසර 24ක සිර දඬුවමක් නියම කර ඇති අතර, එය වසර 12කින් ගෙවී යන ලෙසද නියම කර ඇත.

ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් දඩයක් සහ අතවරයට පත් දරුවාට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ගෙවීමටද අධිකරණය නියෝග කර ඇත.

දඩ මුදල් නොගෙවන්නේ නම් වසරක ලිහිල් සිර දඬුවමක්ද, වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර තුනක ලිහිල් සිර දඬුවමක්ද නියම කරන බවද අධිකරණය සඳහන් කර ඇත.

විත්තිකරු වෙනුවෙන් නීතිඥ වසන්ත බණ්ඩාර මහතා පෙනී සිට ඇති අතර, පැමිණිල්ල රජයේ නීතිඥ දුමින්ද ද අල්විස් මහතා විසින් මෙහෙයවා ඇත. 

හිතුවක්කාරී ලෙස පවත්වාගෙන යන පෙර පාසල්වලට වැට බඳී - ඇමතිනි සරෝජාගෙන් දැඩි තීරණයක්

හිතුවක්කාරී ලෙස පවත්වාගෙන යන පෙර පාසල්වලට වැට බඳී - ඇමතිනි සරෝජාගෙන් දැඩි තීරණයක්

අද මේ ලග්න හිමියන්ට හදිසි ධන යෝග - ඔබේ ලග්නයත් ඒ අතරද?

අද මේ ලග්න හිමියන්ට හදිසි ධන යෝග - ඔබේ ලග්නයත් ඒ අතරද?