මරාන්තික රෝගය රට පුරා ව්‍යාප්ත වෙලා - රෝහල් පද්ධතියට කළමනාකරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක්?

Report

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා අනතුරු අඟවා ඇත්තේ දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ ආකාරයෙන්ම අඛණ්ඩව ඉහළ ගියහොත්, රෝහල් පද්ධතිය තුළ රෝගීන් කළමනාකරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි.

ඔහු පවසන්නේ පසුගිය වසරේ දත්ත හා සැසඳීමේදී මේ වසරේ රෝගීන් වාර්තා වීම ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.

ලංකාවේ මහජනතාවට අනතරු ඇඟවීමක් - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වගේ ඩෙංගු බලන්න ඇවිත් මුදල් කඩාගන්න අලුත් අපරාධයක්

ලංකාවේ මහජනතාවට අනතරු ඇඟවීමක් - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වගේ ඩෙංගු බලන්න ඇවිත් මුදල් කඩාගන්න අලුත් අපරාධයක්

පසුගිය වසරේ ජූනි මාසයේදී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 5,466ක් වන නමුත් මේ වසරේ ජූනි මස 21 වැනි දින වන විට පමණක් රෝගීන් 13,338 දෙනෙකු වාර්තා වී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ ආකාරයට රෝගීන් වාර්තා වීම දිගින් දිගටම ඉහළ ගියහොත්, රෝහල්වල පවතින පහසුකම් යටතේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ තත්ත්වය පාලනය කිරීම බරපතළ අභියෝගයක් වන බවයි.