ඩෙල්ටාටත් වඩා වේගවත් ,අනතුරුදායක "ඩෙල්ටා ප්ලස්"

england covid 19 indian delta variety hindustan times
By Sewvandhi Jun 26, 2021 05:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ වන විට ඉන්දියාවෙන් මතුව ඇති ‘ඩෙල්ටා ප්ලස්’ නමැති නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයට වඩා වැඩි වේගයකින් පැතිරෙන මෙන්ම කොරෝනා මර්දන එන්නත්වලට පවා ආරක්ෂාව ලබා දිය නොහැකි ප‍්‍රභේදයක් බව මෙතෙක් සිදු කර ඇති අධ්‍යයනවලින් අනාවරණය වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයන් උපුටා දක්වමින් ‘හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත්පත පවසයි.

දැනට ලොව පුරා රටවලට තර්ජනයක්ව පවතින බලවත්ම කොරෝනා වෛරස් ප‍්‍රභේදය වන ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයේ විකෘතියක් වන ‘ඩෙල්ටා ප්ලස්’ වෛරස් ප‍්‍රභේදය මේ වන විට ඉන්දියාව ඇතුළු රටවල් 11කට පැතිර ගොස් ඇති බව අනාවරණය වී ඇත.

මෙම ප‍්‍රභේදය තවත් සති කිහිපයකින් ඉන්දියාවේ හට ගනු ඇතැයි අනාවැකි පළ වී තිබෙන තෙවැනි කොරෝනා වසංගත රැුල්ලට හේතු වනු වන බවට ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයන් දැනටමත් අනතුරු අඟවා තිබේ.

ඉන්දියාව, එංගලන්තය, කැනඩාව, ජපානය, නේපාලය, පෝලන්තය, පෘතුගාලය, රුසියාව, ස්විට්සර්ලන්තය, තුර්කිය හා ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින් මේ වන විට ඩෙල්ටා ප්ලස් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන තිබේ. මෙම නව වෛරස ප‍්‍රභේදය තුළ ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයේ සියලූ ලක්ෂණ මෙන්ම දකුණු අප‍්‍රිකානු කොරෝනා ප‍්‍රභේදය වන ‘බීටා’ ප‍්‍රභේදයේ ලක්ෂණ ද දක්නට ලැබෙන බව මේ වන විට විශේෂඥයන් විසින් හඳුනාගෙන තිබේ.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනටමත් මෙම නව වෛරස් ප‍්‍රභේදය පැතිර ගොස් ඇති රටවලින් විශේෂ ඉල්ලීමක් කරමින් මෙම ප‍්‍රභේදය පිළිබඳව සමීප නිරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙසත්, ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ හා ආශ‍්‍රිතයන් සොයා යෑම වේගවත් කරන ලෙසත්, එන්නත්කරණය වැඩි කරන ලෙසත් පවසා තිබේ.

මේ වන විට ඉන්දීය හා බටහිර සෞඛ්‍ය විශේෂඥයන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙම නව ‘ඩෙල්ටා ප්ලස්’ වෛරස් ප‍්‍රභේදය කෙතරම් දරුණු ද යන්න පිළිබඳව හා එය ප‍්‍රතිදේහවලට ප‍්‍රතිරෝධය දක්වන ආකාරය පිළිබඳව පර්යේෂණ පවත්වමින් සිටින බව ‘හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත්පත් වාර්තාවේ දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now