පුද්ගලයින් 04 දෙනෙක් දියේ ගිලී අවාසනාවන්ත ලෙස මිය යයි..

Police spokesman Sri Lanka Police Death
By Aruna Dec 26, 2024 07:07 AM GMT
Aruna

Aruna

Report

අද පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වූ හික්කඩුව ප්‍රදේශයේ දියේ ගිලී  ගිය සිදුවීම්වලින් විදේශීය සංචාරකයින් පස් දෙනෙකු බේරාගෙන ඇති අතර ඉන් එක් අයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හික්කඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දියේ ගිළෙමින් සිටි විදේශීය සංචාරකයින් සිව් දෙනෙකු ඊයේ උදෑසන බේරාගෙන ගනු ලැබූ බවයි පැවසෙන්නේ.

බස් මගීන්ට සතුටු දායක ආරංචියක්..අලුත් ආණ්ඩුවෙන් කරන්න යන දේ මෙන්න..

බස් මගීන්ට සතුටු දායක ආරංචියක්..අලුත් ආණ්ඩුවෙන් කරන්න යන දේ මෙන්න..


පොලීසිය සඳහන් කළේ, එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සංචාරකයින් සිව්දෙනා බේරාගෙන ඇති බවයි.

මෙලෙස බේරාගත් විදේශීය සංචාරකයින් අවුරුදු 33ත් 48ත් අතර වයස්වල පසුවන රුසියානු ජාතිකයින් පිරිසක්.

මේ අතර, හික්කඩුව, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ ගිලීමෙන් ඉන්දීය ජාතිකයෙකු ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය පැවසුවේ, මෙම පුද්ගලයා සහ ඔහුගේ දියණිය මුහුදේ දිය නෑමට ගොස් සිටියදී ගසාගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් ඔවුන් බේරාගෙන ඇති බවයි.

අද ප්‍රදේශ රැසකට පැය 18ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න.

අද ප්‍රදේශ රැසකට පැය 18ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න.


කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී 57 හැවිරිදි ඉන්දීය ජාතිකයා මියගොස් තිබේ.

මේ අතර, අම්පාර උම්රි තොටුපොල ප්‍රදේශයේදී පිය පුතු දෙපළක් සහ ඥාති පුද්ගලයෙක් ඇතුළු තිදෙනෙකු දියේ ගිලී මිය ගිය පුවතක් ද වාර්තා වනවා.

ඔවුන්ගේ මළ සිරුරු මේවන විට සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

You May Like This Video


ReeCha