සංදිපගේ මරණයට හේතුව හෙළිවේ

By Wayomi Mar 13, 2025 03:15 PM GMT
Report

අද (13) දින අගුණුකොළ පැලැස්ස අබේසේකරගම මාර්ගයේ කිරියගොඩැල්ල මංසංධියේ අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති ගුවන් පාලම යට තිබී හමු වූ මළ සිරුර ඝාතනයක් නොව සියදිවි හානි කර ගැනීමෙන් සිදුවූ මරණයක් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

ඔහු බරවකුඹුක අබේසේකරගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කටයුතු වල නියැලෙන තරුණයෙක් බවටයි අනාවරණය වන්නේ.

දැනට සිදු කල ඇති විමර්ශන අනුව අදාල තරුණයා සූරිය වැව ප්‍රදේශයේ පදිංචි තරුණියක් සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, එහිදී දෙදෙනා අතර ඇති වූ විරසකයක් හේතුවෙන් මොහු සියදිවි නසා ගන්නට ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ.

මළ සිරුර හමු වූ ස්ථානයේ තිබී යතුරු පැදියක් සහ ජංගම දුරකථනයක්ද සොයා ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

පාක්ෂිකයින්ට තග දැමූ රනිල්ට සැරට ගුටි වදී - ලක්ෂ්මන් මාධ්‍යයට ඇවිත් කියපු දේ (Video)

පාක්ෂිකයින්ට තග දැමූ රනිල්ට සැරට ගුටි වදී - ලක්ෂ්මන් මාධ්‍යයට ඇවිත් කියපු දේ (Video)

පාතාලයට අසුබයින්...අපි සද්ද නොකර ෂොට් එක දෙනවා...

පාතාලයට අසුබයින්...අපි සද්ද නොකර ෂොට් එක දෙනවා...