ප්රශ්නාර්ථයක් ඉතිරි කර මුලතිව් ප්රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්
මුලතිව්, කල්ලප්පාඩු ප්රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇත .
මෙම අදාළ ධීවරයින් දෙදෙනා පසුගිය 02 වනදා පෙරවරුවේ කල්ලපාඩු වෙරළ තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබේ.
කෙසේ වෙතත් ඊයේ දිනය වන තුරුත් ඔවුන් නැවත ගොඩබිමට පැමිණ නොමැති බව අතුරුදන්වූ ධීවරයින්ගේ ඥාතීන් සදහන් කරයි.
මේ පිළිබද ඥාතීන් විසින් නාවික හමුදාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි අතර ප්රදේශයේ ධීවරයින් එක්ව අදාළ මුහුදු ප්රදේශයේ ඊයේ දිනයේ සෝදිසි මෙහෙයුමක්ද දියත් කර තිබේ.
කෙසේ නමුත් එම සෝදිසි මෙහෙයුම් අසාර්ථක වී ඇති අතර අද දිනයේද නැවත සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට නියමිත බවද වාර්තා වී තිබේ.