බිහිසුණු බස් අනතුරක් - 21 දෙනෙකුට තුවාල
By R.rishma
හලාවත - පුත්තලම ප්රධාන මාර්ගයේ අද (04) සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව තොරතුරු වාර්තා වී ඇත.
තුවාල ලබා ඇති පුද්ගලයින් හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
අදාළ බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හලාවත පොලිසිය විසින් සිදුකරමින් පවතී.