විමල්ට එරෙහි මිලියන 75කට ආසන්න වත්කම් චෝදනා නඩුවට දින

Report

හිටපු අමාත්‍ය විමල් වීරසිංහ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින කාලයේදී රුපියල් මිලියන 75 කට ආසන්න වටිනාකමකින් යුක්ත වත්කම් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීමේ චෝදනාව මත ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනුකරර තිබුණි.

ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස 22දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (22) නියෝග කර තිබේ.

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

අද දින මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශද අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ ලේඛන අධ්‍යයනය කිරීම සඳහා කාලය අවශ්‍ය බවත් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

රන් මිල අඩුවෙයි - රන් ගන්න මෙන්න සුභ අවස්ථාවක්

රන් මිල අඩුවෙයි - රන් ගන්න මෙන්න සුභ අවස්ථාවක්

ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 22 වනදා කැඳවීමටද අධිකරණය නියම කළා. අද දින අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට එදින පෙනී සිටින ලෙසත් විනිසුරුවරිය විසින් අවවාද කළා.

බැකෝ සමන් සහ තැඹිලි ලහිරු අධිකරණයට

බැකෝ සමන් සහ තැඹිලි ලහිරු අධිකරණයට