මෙම ලග්න හිමියන් විශේෂයෙන්ම රන් භාණ්ඩ ගැන සැලකිලිමත් වන්න..! අද දිනයේ ඔබගේ සුභ අසුභ ඵල මෙතනින්..(VIDEO)

By Sithumi Dec 18, 2021 01:56 PM GMT
Sithumi

Sithumi

Report

2021 දෙසැම්බර් මස 19 ඉරිදා අද 2021 දෙසැම්බර් මස 19 වෙනි ඉරිදා උදුවප් මස අවපැලවිය තිථීය ලත් රිවිදින. අද දවසේ ඉර උදා වන්නේ පෙ.ව 6.16 ටය. ඉර බසින්නේ සවස 5.59 ටය. අද දිවා කාලයේ රාහු කාලය යෙදී ඇත්තේ සවස 4.46 සිට සවස 6.16 දක්වාය. රාත‍්‍රී කාලයේ රාහු කාලය යෙදෙන්නේ පාන්දර 4.46 සිට අළුයම 6.16 දක්වාය. අද දවසේ සවස 4.52 දකවා මුවසිරස නැකතත් ඉන්පසු අද නැකතත් යෙදෙනු ඇත. ඉරිදා දිනයක මුවසිරස නැකත යෙදීමෙන් සෞම්‍ය නම් ශුභ යෝගය යෙදෙනු ඇත.


මේෂ ලග්නය

මේෂ ලග්නයේ තුන්වන භාවයේ සඳු ග‍්‍රහයා ගමන් ගන්නා අද දිනයේ ලග්නාධිපතිත් අගහරු ග‍්‍රහයා අටවැන්නේය. තීරණ ගැනීමට ප‍්‍රමාද වෙයි. ස්භාවයෙන්ම පවතින ඉක්මන්කාරීකම තරමක් තුනී වෙයි. සහජ කුසලතා එළියට එයි. තමන්ගේ දියුණුව උදෙසා තම හැකියාවන් යොදා ගනී. අලූත් සැලසුම් සිතට නැගේ. රැකියාවන් හරහා ධනය ලබන අයට යහපත් ප‍්‍රතිඵල හිමිවෙයි. දරුවන්ගේ කටයුතු සාර්ථකයි. පේ‍්‍රම සම්බන්ධතාවයන් පවත්වාගෙන යන අයට සතුටින් සිටිය හැකියි. රෝග පීඩාදියෙන් ආරක්ෂිතයි. නමුත් අනතුරු සිදුවීමේ ප‍්‍රවණතාවය වැඩියි.



වෘෂභ ලග්නය

වෘෂභ ලග්න හිමියන්ගේ ධන භාවයේ සඳු ගමනින් ගන්නා අද දිනයේ ලග්නාධිපති සිකුරු ග‍්‍රහයා ප‍්‍රන්‍යස්ථානයේය. ධන වාසනාව ඉතා ඉහළින්ම යෙදෙන දවසකි. නිවසට වටිනා භාණ්ඩ මිලට ගනියි. විශේෂයෙන්ම රත‍්‍රං ආභරණ පිළිබඳව සිත යොමු කරයි. නිවාස දේපල ආශ‍්‍රිත කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. අඹුසැමි සම්බන්ධතා යහපත් තත්වයක පවතින අතර ¥ දරුවන්ගේ කටයුතු වලින් ප‍්‍රීතියක් ලබයි. විදේශගත පදිංචිය අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙයි. රෝග පීඩාදියෙන් ආරක්ෂා කරයි.



මිථුන ලග්නය

ලග්නයේ සඳු ග‍්‍රහයා ගමන් කරමින් සිටින අද දවසේ මිථුන ලග්නයේ ලග්නාධිපති තුන්වන භාවයේය. අලූත් අදහස් වලින් පිරුණු නව ජීවයක් සපයන දිනයයි. ධනය වර්ධනය කර ගැනීමට සිත යොමු කරයි. රැකියා ස්ථානවල කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගනියි. ප‍්‍රධානීන්ගේ ඇගයීමට ලක්වන අතර සෙසු සහෝදර සේවකයින්ගේ සහයෝගය නොමදව ලබයි. විවාහ ජීවිතයේ සතුටු විය හැකි සිද්ධීන් සිදුවිය හැකිය. දරුවන්ගේ කටයුතුවල ගැටලූ ඇති වේ. පේ‍්‍රම සම්බන්ධතා කැඞී බිඳී යා හැකි නිසා පෙම්වතුන් කල්පනාකාරීව කටයුතු කරන්න. 



කටක ලග්නය

කටක ලග්නයේ ලග්නාධිපති සඳු ග‍්‍රහයා 12 වන භාවයේ ගමන් කරන අද දිනය ඔබ බොහෝ ප‍්‍රවේශමෙන් කටයුතු කළ යුතු දිනයකිි. ඔබ ගන්නා තීරණ වැරදීයාමට ඉඩ ඇති හෙයින් දුරදිග සිතා බලා තීරණ ගැනීමට කල්පනාකාරී වන්න. ධන හානි ඇතිවිය හැකිය. ධනය ස්ථිර දේපලවල යෙදීමට වග බලා ගන්න. නිවාස දේපල කටයුතු වල යෙදීමද සාර්ථකය. රෝග පීඩා, හදිසි අනතුරු ඇතිවීමේ අවධානමක් ඇත. පේ‍්‍රමවන්තයින්ට ශුභ දිනයකි. දරුවන්ගේ කටයුතුවල සාර්ථකත්වයක් ඇති බැවින් දෙමාපියන්ට සතුටුදායකය.




සිංහ ලග්නය

සිංහ ලග්නහිමියන්ගේ 11 වන භාවයේ චන්ද්‍රයා ගමන් ගන්නා අතර ලග්නාධිපති රවි ග‍්‍රහයා 5 වන භාවයේය. ස්ථිර අධිෂ්ඨානයක් ඇතිව දැඩි කැපවීමකින් ස්වාධීන ලෙස අද දවසට මුහුණ දීමට සිංහ ලග්න හිමියෝ කැපවී කටයුතු කරති. නිවස දේපල වාහන සිහින සපුරා ගැනීමේ අවකාශය වැඩියි. අනාගතයේ ඉටුකර ගැනීමට සිහින දකින තම කටයුතු වලට ප‍්‍රවේශ වීමට අද යහපත් දවසකි. අඹු සැමියන් අතර ගැටලූ පැන නැගිය හැකිය. දරුවන්ගේ කටයුතු සාර්ථකය. පේ‍්‍රම සම්බන්ධතා වලට යොමුවී සිටින අයට ජීවිතය ස්ථිර කර ගැනීමේ මාර්ග යෙදේ.



කන්‍යා ලග්නය

කන්‍යා ලග්න හිමියන්ගේ 10 වන භාවයේ සඳු ගමන් ගන්නා අද දිනයේ ලග්නාධිපති සඳු ග‍්‍රහයා සිව්වන භාවයේය. රැකියා ව්‍යාපාර කෙරෙහි වැඩි අවධානයක් ඇතිව කටයුතු කරන අද දිනය එම කටයුතු වලින් සාර්ථකත්වය අත් කර ගනී. ධනය ලැබීමට යහපත් දවසකි. සංචාර ගමන් බිමන් යෙදෙන අතර ඒ සඳහා ධනය වැඩියෙන් වියදම් වේ. විදේශගතව සිටින කිට්ටුවන්තයින්ගේ පෙරළා මව්බිමට පැමිණෙන ශුභ ආරංචිය ලැබෙනු ඇත. එමගින් සමීපතමයින් සමග නැවත එකතුවීමේ අවස්ථාව උදා වේ. පේ‍්‍රමවන්තයන්ගේ, පේ‍්‍රමවන්තියන්ගේ පේ‍්‍රමනීය සිහින සැබෑකර ගැනීමට මාවත විවර වේ. දරුවන්ගේ කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල වර්ධනයක් ඇත. 



තුලා ලග්නය

තුලා ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරු ග‍්‍රහයා සිව්වැන්නේත් සඳු ග‍්‍රහයා 9 වැන්නේත් ගමන් ගනිමින් සිටින අද දවසේ පෙර පිනෙන්ම දවසේ කටයුතු සාර්ථකත්වය කරා යොමු කරන දිනයකි. ඇවිදිලි, සංචාර ගමන්, වන්දනා ගමන් යෙදේ. විදේශගත රැකියා සිහින ඉටුකර ගැනීමට මාර්ග විවර වේ. ධනය ලැබුණද තැන්පත් ධනය වියදම් කිරීමට සිදුවේ. නිවාස දේපල යාන වාහන කටයුතුවලට යෝග්‍ය දිනයකි. ඒවා ඉටුකර ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. පේ‍්‍රමවන්තයින්ට ශුභ දායක දිනයක් නොවේ. පේ‍්‍රම සම්බන්ධතා වල ගැටලූ පැන නගී. එනිසා ඉවසිල්ලෙන් පේ‍්‍රම කරන්න. දරුවන්ගේ කටයුතුවල විශේෂයෙන්ම ප‍්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ගේ කටයුතු වර්ධනයක් ඇති වේ. 



වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න හිමියන්ගේ අට වැන්නේ චන්ද්‍රයා ගමන් ගන්නා අද දිනයේ ලග්නාධිපති අගහරු ග‍්‍රහයා ලග්නයේම තවදුරටත් ගමන් කරයි. රෝග හා අනතුරු අවධානමක් වැඩියෙන් දැනෙන බැවින් කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලා ගන්න. ඉවසිලි බව අඩු කරයි. ප‍්‍රවේගකාරී හා ප‍්‍රචන්ඩ ආකාරයෙන් හැසිරීමට මානසිකත්වය යෙදෙන නිසා ආරවුල් වලට මැදි වීමේ ඉඩක් ඇත. ආගමික කටයුතුවල යෙදීමට හා සිත සන්සුන් කර ගන්නා ක‍්‍රමයක් පවතින අතර තමාගේම උවමනාවන් වෙනුවෙන් ධනය වැය කරයි. විවාහ කටයුතු පිළිබඳ තීරණ ගන්නා දිනයකි. අඹු සැමියන් අතර කෙටි දුරස්වීම් ඇති වේ. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධක පැමිණේ. 



ධනු ලග්නය

ධනු ලග්නයේ ලග්නාධිපති බ‍්‍රහස්පති ග‍්‍රහයා තුන්වැන්නේ සඳු ග‍්‍රහයා 7 වන භාවයෙත් ගමන් ගනිමින් සිටී. අරමුණකට කටයුතු කිරීමට උත්සාහය ඇතත් සෙසු අයගේ බලපෑමෙන් තමන් අරමුණින් පිට පැනීමට ඉඩ ඇති බැවින් දැඩිව සිත පාලනය කරගෙන කටයුතු කිරීමට උත්සාහ ගන්න. විවාහක අඹුසැමියන් අතර ගැටුම් හට ගැනීමට ඉඩ ඇති බැවින් සහකරු පිළිබඳ මෛත‍්‍රී සිතුවිලි පෙරදැරිව කටයුතු කරන්න. දරුවන් නොමග යාමට පෙළඹවීම් ඇති විය හැකිය. විදේශගත කටයුතුවල සාර්ථක ප‍්‍රතිඵල අත්කර දෙන නිසා විදේශ කටයුතුවලට යොමු වන්න. ධන හානි ඇතිවිය හැකිය. අලූතින් කිසිවක් ආරම්භ නොකරන්න. සාමාන්‍ය පරිදි අද දවස ගෙවා දමන්න. හෙට දවස පිළිබඳ සැලසුම් සකස් කරන්න.



මකර ලග්නය

මකර ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ග‍්‍රහයා ලග්නයේත් සඳු ග‍්‍රහයා හයවන භාවයේත් ගමන් ගනිමින් සිටින අද දවස ශක්තිමත්ව ජීවිතය සාර්ථක කර ගැනීමට වෙහෙසී කටයුතු කළ හැකි දිනයකි. තම අරමුණු සපුරා ගැනීම සඳහා ක‍්‍රියාශීලී වන අතර අරමුණු ජය ගැනීමේ ඉලක්ක සාර්ථක ලෙස මෙහෙයවයි. ධන වාසනාව ඉහළින්ම යෙදී ඇති අතර ධනය ඉතිරි කිරීමේ හැකියාව ද පවතී. නිවාස දේපල කටයුතුවල සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැකි අතර එම කටයුතු කෙරෙහි වැඩියෙන් අවධානය යොමු කරන්න. දරුවන්ගේ කටයුතු තම සිතැ`ගි පරිදි ඉටුවන බැවින් සතුටක් දැනේ. පේ‍්‍රමවන්තයින්ට පේ‍්‍රමවන්තියන්ට අද යහපත් දිනයකි. විදේශගත කටයුතුවලට බාධා සහිතයි.



කුම්භ ලග්නය

කුම්භ ලග්නහිමියන්ගේ ලග්නාධිපති සෙනසුරු ග‍්‍රහයා 12 වැන්නේත් සඳු ග‍්‍රහයා 5 වැන්නේත් ගමන් ගනිමින් සිටී. විදේශගත වීම්, සංචාර, කෙටි ගමන් විදේශගත සම්බන්ධතා තුළින් කරන කටයුතු ආශ‍්‍රිතව සාර්ථක ප‍්‍රතිඵල උදාකරන දවසකි. ධනය ලැබීම් අතින් සාර්ථක වන අතර නිවාස දේපල කටයුතු වෙනුවෙන් ධනය වැය කිරීමට සිදු වේ. දරුවන්ගේ කටයුතුවල සාර්ථක වර්ධනයක් ඇති කරන අතර පේ‍්‍රමවන්තයින්ට ශුභ දිනයකි. පේ‍්‍රම සම්බන්ධතා මල්ඵල ගැන් වේ. විවාහ ජීවිත ගෙවන අයට වාසනාවන්ත දිනයකි. රැකියා කටයුතුවල සාර්ථකත්වය ඉහළින්ම යෙදෙන අතර ඉහළ පහළ සෑම දෙනෙකුගේම අවධානයට හා ඇගයීමට ලක් වේ. 



මීන ලග්නය

මීන ලග්නයේ ලග්නාධිපති බ‍්‍රහස්පතී ග‍්‍රහයා 12 වැන්නේත් සඳු ග‍්‍රහයා සිව්වැන්නේත් ගමන් ගනිමින් සිටින අද දවස අලූතින් සැලසුම් හා බලාපොරොත්තු සිතට එන දිනයකි. පෙර පිනෙන් ලැබෙන වාසනා ගුණය හොඳින්ම ක‍්‍රියාත්මක වන නිසා දවසේ බොහෝ කටයුතු සාර්ථකව නිමකර ගැනීමට අවස්ථාව උදාවේ. ධන වාසනාව ඉහළින්ම යෙදේ. ලැබෙන ධනය ආරක්ෂිත කර ගැනීමට හැකිය. නිවාස දේපල කටයුතු වලට යහපත්ය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දියුණුවක් අපේක්ෂා කළ හැකිය. පේ‍්‍රම කරන්නන් සැළකිලිමත් විය යුතුය. අද පේ‍්‍රම සම්බන්ධතා වල ගැටලූ පැන නැගිය හැකිය.   



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha