කොරෝනා වෙන් පීඩිත ඉන්දියාවට වටුවේ කුණාටුවෙනුත් පහර (VIDEO)

india mumbai cyclone tauktae
By Sewvandhi May 19, 2021 01:38 AM GMT
Report

 තද වැසි සහ සුළං හේතුවෙන් දෙලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ පැයට කිලෝ මීටර් 160 වේගයෙන් ගුජරාට් ප්‍රාන්තයට අද පෙරවරුවේ ටවුටේ සුළි කුණාටුව ඇතුළු වු බවයි.

මේ වන විටත් පවතින දරුණු සුළි කුණාටු මධ්‍යයේ ඉන්දියාවේ මුම්බායි නගරය වෙරළ තීරයේ අනතුරට ලක්වූ ලක් වූ නැවේ සිටී පිරිසෙන් 177 දෙනෙකු බේරාගැනීමට හැකි වූ අතර තවත් පුද්ගලයින් 90 පමණ අතුරුදහන් වී ඇති බව සඳහන්.

ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට පහර දුන් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 700ක් පමණ රැගත් තවත් barges තුනක් මුහුදේ අතරමං වී ඇත.සදුදා දින සිදු වූ නාය යෑමෙන් අනතුරු ව කුණාටුව තරමක් දුර්වල වූ නමුත් මේ වන විට පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇත.

කෙසේවෙතත් අද පස්වරුව වන විට එම සුළි කුණාටුව දුර්වල වී එම පද්ධතියේ බලපෑම ක්‍රමයෙන් අඩුවන බව ද ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now