පාර්ලිමේන්තුවට එන නව සයිබර් පනත.

Report

 සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

ඒ, ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේයි.

මෙම පනත තුළින් ඩිජිටල් පද්ධති අනිසි ලෙස භාවිතා කිරීමේ අවධානම පාලනය කිරීමට මෙන්ම තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමටත්, තොරතුරු හා සයිබර් ආරක්ෂණ නියාමන අධිකාරිය පිහිටුවීමටත් හැකිවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ( CERT) සහ ලෝක බැංකුව ඒකාබද්ධව කොළඹ දී, සංවිධාන කළ වැඩමුළුවකට එක්වෙමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න..  

JOIN NOW