31 සහ 04 ත් සංචරනය දැඩි වෙයි… දිගටම ගෙදර ඉන්න වෙයි?..
Covid
Curfew
Police
Sri Lanka
By Aruna
25 වන දා සංචාරණ සීමා ලිහිල් කිරීමේ කළ කාලයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ බිඳහෙළමින් කටයුතු කිරීම නිසා 31 හා 04 වැනිදාට නියමිතව ඇති සංචාරණ සීමා ලිහිල් නොකිරීමට රජයේ අවධානය යොමු කර ඇතැයි වාර්තා වෙයි.
ජූනි 07 දක්වා නියම කර ඇති සංචරණ කාලසීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට 25, 31 සහ 04වැනි දා සංචාර සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර තිබුණේ කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසිනි.
නමුත් 25 වැනිදා ජනතාවගේ හැසිරීම හේතුවෙන් 07 දා දක්වා සංචරණ සීමා ලිහිල් නොකිරීමට රජය අවධානය දැඩිව යොමුව තිබේ.
ඒ හේතුවෙන් නිවෙස් වල සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථ මගින් ලබා දීමට ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් වැඩපිළිවෙළක් සකස් කිරීමට උපදෙස් ලබාදී තිබේ.
මෙම නව තීරණය නුදුරේදිම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |