සුළි කුණාටුවක් ලංකාව ඉදිරියෙන්(VIDEO)

weather department hurricane critical weather rough sea heavy windy
By Sewvandhi May 22, 2021 08:18 AM GMT
Report

ලබන 25 සහ 26 යන දෙදින තුල නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පසුගිය සතියේ ඇති වූ ගංවතුර තත්ත්වයත් සමග අවදානම් ප්‍රදේශ මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව, යළි එවැනි අවදානමක් මතුවුවහොත් ඊට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර, උතුරු අන්දමන් දූපත් ප්‍රදේශයේ ඇතිව තිබෙන කැළඹිලි ස්වභාවය හේතුවෙන් අනිද්දා දිනය වනවිට සුළි කුණාටුවක් නිර්මාණය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මේ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ අංශ පෙන්වා දෙන්නේ. දැනට පවතින අඩු පීඩන තත්ත්වය හෙට දිනය වනවිට පීඩන අවපාතයක් දක්වාත් අනිද්දා දිනය වනවිට සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට නියමිතයි.

මෙම පද්ධතිය වයඹ දිසාවට ගමන් කර ලබන 26 වනදා වනවිට ඉන්දියාවේ - ඔඩීෂා සහ බටහිර බෙංගාල වෙරළට ගමන් කිරීමට ඉඩ ඇති අතර, නැවත දැනුම්දෙනතුරු එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now