සුජීව සේනසිංහගේ V8 නඩුව වසරකින් කල් තැබීමට නියෝග
රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය නීති විරෝධීව එකලස් කළ එකක් බවට චෝදනා ගොනු කර ඇති සුජීව අර්ජුන සේනසිංහ යන අයට විරුද්ධව පනවා තිබෙන නඩුව කල් තැබීමට නියෝග කර තිබෙනවා.
ඒ එළඹෙන 2026 වසරේ ජනවාරි මස 7 තෙක්.
අඳාළ කල් තැබීමේ නියෝගය කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාරගේ විසින් අද (01) දින ලබා දී ඇත.
මහේස්ත්රාත්වරයා විසින් මූලික විරෝධතා සදහා නඩුව කැඳවීම සිදු කළ ද මූලික විරෝධතා ගොනු කර නොමැති හෙයින් නඩුව විභාගයට නියම කිරීමට පියවර ගෙන තිබුණා.
එසේම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර සුජීව සේනසිංහ විවෘත අධිකරණයේ පෙනී සිට තිබෙනවා.