මිලියන 97කට ආසන්න වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගත් නඩුවට කෙහෙළිය පවුලට දින

Report

රුපියල් මිලියන 97කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ අයථා ආකාරයට අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑණාට විරුද්ධව අල්ලස් කොමිසම මඟින් ගොනුකර ඇති නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට එළඹෙන ඔක්තෝබර් මස 15 වන දින කැඳවන මෙන් කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අනුව අඳාළ නඩුව අද (01) දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවූ විට කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

එහිදී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය ඉල්ලා සිටින ලේඛන 12ක් මේ දක්වා පැමිණිල්ල මඟින් තමන්ට ලබාදී නැති බව සඳහන් කළා.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

එසේම අල්ලස් කොමිසම විත්තිකරුවන්ට විරුද්ධව හදිසියේ අධිචෝදනා පත්‍ර ගොනුකළත් ඊට අදාළ ලේඛන විත්තියට භාරදීමක් නොකරන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙය වැරදි පූර්වාදර්ශයක් බවත් පෙන්වා දුන්නා.

තවද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ නඩු විභාගයට මුහුණදීම සඳහා තම සේවාදායකයාට ලේඛන 12ක් අවශ්‍ය තිබෙන බවත් ඒවා මෙතෙක් ලැබී නොමැති බවත්ය.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම සඳහා පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය ඉල්ලා සිටින ලේඛන පිළිබඳ සොයා බලා ඒවා වහාම ලබාදීමට කටයුතු කරන බව පැවසුවා.

එමෙන්ම විත්තිය ඉල්ලා සිටින ඇතැම් ලේඛන දැනට පැවැත්වෙන විමර්ශනවලට අදාළ වන බවත් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කළා.

ඒ අනුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා විසින් කියා සිටියේ නඩු විභාගය සඳහා එම ලේඛන විත්තියට ඉතා වැදගත් බවයි.

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

එනිසා අදාළ ලේඛන වහාම විත්තිය වෙත ලබාදීමට කටයුතු කරන මෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වෙත දැනුම් දුන් විනිසුරුවරයා මෙම නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන ඔක්තෝබර් මස 15 වනදා කැඳවන මෙන් නියෝග කළා.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා, ඔහුගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට විරුද්ධව මෙසේ අල්ලස් කොමිසම අඳාළ නඩුව ගොනුකර ඇත.

ඒ 2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා දක්වා කාල සීමාව තුළ ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යංශවල කටයුතු කළ සමයේ අයථා ආකාරයට රුපියල් මිලියන 97කට අධික වත්කම් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින්.

අද ඉඳන් බස්වල යන්න ඕනේ මෙහෙමයි, අලුත් නීතිය අද සිට ක්‍රියාත්මකයි

අද ඉඳන් බස්වල යන්න ඕනේ මෙහෙමයි, අලුත් නීතිය අද සිට ක්‍රියාත්මකයි