විශාල කෘතිම සඳක් නිර්මාණය කරයි..ඇමෙරිකාවත් එක්වී කරපු දේ මෙන්න.

By Aruna Oct 10, 2024 08:17 AM GMT
Report

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත් ගගනාගාමීන් එහි පුහුණුවීම් ආරම්භ කර ඇති බව ද වාර්තා වනවා.

මෙම කෘත්‍රිම සඳ මතුපිට නිර්මාණය කර ඇත්තේ, ජර්මනියේ කාලෝන් නුවර, ‘ඒරෝස්පේස් සෙන්ටර්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දැවැන්ත අංගනයක් තුළ බවයි පැවසෙන්නේ.

‘ඒරෝස්පේස් සෙන්ටර්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වර්ග මීටර් 700 ක ප්‍රදේශයක තුළ මෙම කෘත්‍රිම සඳ පෘෂ්ඨය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

ලබන අඟහරුවාදා සිට මේ අයගේ බැංකු ගිණුම් වලට සල්ලි වැටයි..මුලින්ම සල්ලි වැටන පිරිස මෙන්න..

ලබන අඟහරුවාදා සිට මේ අයගේ බැංකු ගිණුම් වලට සල්ලි වැටයි..මුලින්ම සල්ලි වැටන පිරිස මෙන්න..


යමහල් පාෂාණ ටොන් 900 ක් කුඩු කරමින්, මෙම සඳ මතු පිට කෘත්‍රිම පෘෂ්ඨය නිර්මාණය කර ඇති බවයි පැවසෙන්නේ.

ජර්මනියේ අයිෆල් පළාතේ යමහල පාෂාණ, ඉතාලියේ එට්නා ගිනි කන්ද අවට යමහල් පාෂාණ සහ පස් සහ නෝර්වේ රාජ්‍යයෙන් එකතු කරගත් යමහල් පාෂාණ මෙම කෘත්‍රිම සඳ නිර්මාණයට යොදා ගත් බවයි පැවසෙන්නේ.

කෘත්‍රිම සඳ පෘෂ්ඨය නිර්මාණය කිරීමට මූලික වශයෙන් දායක වී ඇත්තේ යුරෝපා අභ්‍යවකාශ ආයතනයයි.

විමල් වීරවංශගේ සහයත් අනුර කුමාරට ද?..විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියපු දේ මෙන්න.

විමල් වීරවංශගේ සහයත් අනුර කුමාරට ද?..විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියපු දේ මෙන්න.


‘එසා’ යන කෙටි නාමයෙන් හැඳින්වෙන යුරෝපා අභ්‍යවකාශ ආයතනය යුරෝපා රටවල එකමුතුවෙන් පිහිටුවා තිබේ.

ඊට අමතරව, ඇමෙරිකාවේ නාසා ආයතනය ද මෙම කෘත්‍රිම සඳ පෘෂ්ඨය නිර්මාණයට සම්බන්ධ වී ඇති බවයි පැවසෙන්නේ.

Gallery