අද තවත් එන්නතක් දිවයිනට

America covid19 vaccination sinopharm moderna
By Sewvandhi Jul 16, 2021 03:22 AM GMT
Report

අමෙරිකානු රජයේ ප්‍රදානයක් ලෙස මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද (16) දිනයේ මෙරටට ලැබීමට නියමිතය. කොවැක්ස් පදනම යටතේ මෙම එන්නත් මාත්‍රා තොගය ශ්‍රී ලංකාවට ලැබෙන අතර මෙම එන්නත මෙරටට ලැබෙන පළමු අවස්ථාවද මෙයවේ.

මේ අතර මේ වනවිට සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 71 ක් මෙරටට ලැබී ඇති බව රජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

"මොඩර්නා එන්නතත් ෆයිසර් එන්නත හා සමාන එන්නතක්. ඒ කියන්නේ 93%ක පමණ ඉහළ පඵදායිතාවයක් පෙන්නුම් කරන එන්නතක්. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික් V, ෆයිසර් කියන එන්නත් භාවිත කරනවා. ඒකට අද සිට 5වන එන්නත විදිහට මොඩර්නා එන්නත එකතු වෙනවා."

මෙරට වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 13.5 කට මේ වනවිට කොවිඩ් -19 එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now